Colombo Today Local News

බාල බෙහෙත් කෝටි ගණනක් ගැබිනි මවුවරුන් ඇතුළු රෝගීන් 98%ට පොවලා.. චක්‍රලේඛය නිකුත් කරනකොටත් ලක්ෂ හතළිහක එන්නත් වල ජීව කාලය අවසන්.

ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්වයෙන් අසමත්වීම හේතුවෙන් ඉවත් කර ඇතත් ඒවා ඒ වනවිටත් රෝගීන්ගෙන් සියයට 98 කට ලබාදී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවේ දැක්වෙන අන්දමට මෙම පෙති මිලදී ගෙන ඇත්තේ 2013,2014 සහ 2015 යන වර්ෂ සඳහාය.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටියකට ආසන්නය.

මේ අතර රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වටිනා එන්නත් තොගයක් තත්වයෙන් අසමත්වීම හේතුවෙන් භාවිතය අත්හිටුවන ලෙසට 2016 වර්ෂයේදී චක්‍රලේඛය නිකුත් කරන විටද එහි ජීව කාලය අවසන්වී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තොරතුරු අනාවරණය කරගෙන ඇත.

කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වය නම් එම එන්නත්වලින් සියයට 99ක් ඒ වන විටත් පාවිච්චි කර අවසන්වී තිබීම බව එම කාරක සභාව පවසයි.

කෝපා කාරක සභාවේ දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් පැවසුවේ ඖෂධය ලැබුණු වහාම තත්වයෙන් අසමත් බව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අයකරගැනීමට හැකියාව ලැබෙන බවයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ 60ක තත්ත්ව පරීක්ෂාව සිදු කළ හැකි නම් මෙම තත්වය තරමක් දුරට හෝ මඟහරවා ගත හැකි බවද ඔවු එම කමිටුවට පෙන්වා දුන්හ.

මෙම අයකිරීම්වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මසක් ඇතුළත යොමු කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට නිර්දේශ කළේය.

-ලංකාදීප-

Related posts

වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනයේදී අක්‍රමිකතා නවතන්න නව බලපත්‍ර ක්‍රමවේදයක්…

Admin

මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බලනවා | අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්

colombotoday

සුනාමි කලුවා – මීගොඩ චව්වා සහ බඩෝවිට වසා පොලිස් දැලේ

colombotoday

හිරුණිකාගේ චරිත කතාවෙන් ඉරාජ් මියුසික් වීඩියෝවක් හදයි…!

colombotoday

සීනිගම පොල් ගහද්දි දිනේෂ ගුණවර්ධන මහතාගේ පොකට්ටුවට විදලා

colombotoday

මියන්මාර් රජය අල් හුසේන්ට අභියෝග කරයි.. UN නිලධාරීන්ට මියන්මාරයේ දොර වසා දමයි

colombotoday