Colombo Today Local NewsWorld

මියන්මාර් රජය අල් හුසේන්ට අභියෝග කරයි.. UN නිලධාරීන්ට මියන්මාරයේ දොර වසා දමයි

මියන්මාරය සමූල මිනිස්‌ ඝාතනය සිදු කළා නම් සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස මියන්මාරයේ ආරක්‍ෂක උපදේශක තඩුන් ටුන් ජිනීවා මානව හිමිකම් බලධාරීන්ට අභියෝගයක්‌ කර ඇත.

රක්‌හිනේ ප්‍රදේශයේ මුස්‌ලිම් ජනතාව ජීවත් වෙනවා. ඔවුන්ව පළවා හැර නැහැ. 70,000 ක මුස්‌ලිම් ජනතාවක්‌ පලා ගිය බව පැවසීම මුසාවක්‌ යෑයි ඔහු කියා සිටියේය.

මියන්මාර් ආරක්‍ෂක උපදේශකයා මේ බව පැවසුවේ මියන්මාරයේ මුස්‌ලිම් ජනතාව සමූල ඝාතනයකට ලක්‌වී ඇති බවට මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ප්‍රකාශ කිරීම නිසාය.

මුස්‌ලිම් ජනතාව සංහාරය කිරීම අපේ අරමුණ නොවෙයි. රජයට එරෙහිව සාවද්‍ය ප්‍රචාර පැතිරෙනවා. අපට චෝදනා එල්ල කිරීමට පෙර ඇත්ත තත්ත්වය ගැන විමර්ශනය කළ යුතුයි. යෑයි ඔහු කියා සිටියේය.

මේ අතර මියන්මාරයට ඒම සඳහා එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායමක්‌ කළ ඉල්ලීම මියන්මාර් රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

Related posts

අධිකරණ අමාත්‍යාංශය විජේදාසට ද දොලවත්තට ද?

colombotoday

කොවිඩ් සිරුරු භුමදානයට ඉරණතිව් දුපත තෝරාගැනීම ජාතිවාදයක් ඇතිවිය හැකි – රවුෆ් හකීම් කියයි

colombotoday

හිටපු ජනපතිගෙන් නික්මයාමට පෙර උතුම් ශාසනික මෙහෙවරක්

colombotoday

අයවැයෙන් වැඩිම මුදල ණය ගෙවීමට

colombotoday

වැට් බද්ද 15% දක්වා ඉහළට.. පනත වැඩි ඡන්දයෙන් සම්මතතයි

colombotoday

“චැනල් 4 වීඩියෝව ඇත්තක්” මංගල සමරවීර ශ්‍රී ලංකා හමුදාව යලිත් පාවා දෙයි

colombotoday