Colombo Today Local News

සමාජ ජාල අවහිර කිරීම බරපතල මාධ්‍ය මර්දනයක පෙරනිමිත්තක් ? – මාධ්‍ය සංවිධාන රජයට දෙහි කපයි

රට තුළ පැවැති නොසන්සුන් වාතාවරණය පාලනය කිරීම පිණිස ගත් පියවරක් වශයෙන් සාමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීම සහ අන්තර්ජාල වේගය බාල කිරිම තමන් දැඩි සේ හෙලා දකින බව මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව සහ නිදහස් මාධ්‍ය සංධානය පවසයි.

ජාතිවාදය සහ ආගම්වාදය වපුරන සුළුතරයකගේ සහ සංවිධානාත්මක කල්ලි කිහිපයකගේ ක්‍රියා කලාපයන් මත සමස්ත සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කරන්නවුන්ගේ නිදහස් අදහස් හා මතවාද ප්‍රකාශ කිරීමේ සහ හුවමාරු කර ගැනීමේ අයිතිය අහිමි කිරීම බරපතල වරදකැයි ඔවුහු කියති.

එමෙන්ම මාධ්‍ය නිදහසට බරපතල තර්ජන එල්ල වූ මහින්ද රාජපක්ෂ යුගයේ වත් මෙවනි ජන විරෝධී මර්දන කාරී ක්‍රියා සිදු නොවූ බව පවසන එම සංවිධාන මෙම නරක පුර්වාදර්ශය ඇතැම් විට ඉදිරියේදී මීට වඩා බරපතල ලෙස ක්‍රියාවට නැංවෙන මාධ්‍ය මර්ධනයක අනතුරු ඇඟවීමක් විය හැකි බවද එම සංවිධාන පෙන්වා දෙයි.

Related posts

බ්‍රිතාන්‍ය ඇමති ළග තබාගෙන විග්නේශ්වරන් හමුදාවට බැනවදී, ආක්‍රමණික හමුදාවක් බව කියයි!

colombotoday

මන්ත්‍රීවරුන්ට අළුත් වාහන ඕන.. වැයවෙන්නේ ඉතා සුළු මුදලයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් අතුරුදන්… උසාවි නියෝගය හැරෙන තැපෑලෙන් ආපසු එයි

colombotoday

එජාපය කොළඹට ඇප බඳී – ජ්‍යෙෂ්ඨයෝ විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි බලාපොරොත්තුවක

Admin

හිරුණිකාගේ ගෙට හොරු පනී… ලක්ෂ 5කට අධික රන් බඩු පැහැරගනී…

colombotoday

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday