Colombo Today Local News

රන්ජන්ගේ හඩපට මාධ්‍යට නිකුත් කිරීම ගැටළු සහගතයි – වසන්ත සමරසිංහ

රංජන් රාමණායක මහතාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් ආන්දෝලනාත්මක හඬපට අධිකරණය වෙත ඉදිරිපත්විය යුතුව තිබියදී, මාධ්‍යයට නිකුත් වීම ගැටළු සහගත බව ජනතා විමුක්ති පෙරමුණේ  දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. 

අනුරාධපුරුයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රංජන් රාමණායක මහතාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් ආන්දෝලනාත්මක හඬපට අධිකරණය වෙත ඉදිරිපත්විය යුතුව තිබියදී, මාධ්‍යය සඳහා නිකුත් කළ පුද්ගලයි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත් වන ලෙස  වසන්ත සමරසිංහ මහතා පැවසීය.

වසන්ත සමරසිංහ මහතා  වැඩිදුරටත් පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්දයේ අදාළ පාර්ශවයන් පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු නොකළ හොත් යුක්තිය පසිදලීමට ඇති ආයතන ජනතාව ඉදිරියේ හැල්ලුවට ලක් වන බවයි.

Related posts

නිවාස ඇමතිගේ ලේකම්වරයෙක් නිධන් හාරමින් සිටියදි හසුවේ

colombotoday

කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා.. වරායේ සියළු සේවකයන් අවදානමක

colombotoday

දුම්පානයෙන් වාර්ෂිකව පුද්ගලයින් විසිදාහක් මියයයි

colombotoday

යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී

colombotoday

මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයට වඩා තුන් ගුණයක වේගයකින් වර්ධනය වේ

colombotoday

බෙදුම්වාදී රැළියට රාජ්‍ය දේපළ අවභාවිතා කරලා.. FCIDය විග්නේෂ්වරන් කුදලාගෙන විත් හිරේ දමයි !

colombotoday