Colombo Today Local News

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය හිමිවේ.. පෙරටුගාමී පක්‍ෂය අලුත් වෙයි !!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිව තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂාන් ද සොයිසා මහතා කියා සිටියේ, ඊයේ(01) සිට කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබාදී ඇති බවයි. ඊට අදාළ ලිපිය කුමාර් ගුණරත්නම් වෙත මේ වනවිට ලැබී ඇති බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගෙන තිබෙන අතර, ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම්, පාලක ලේකම් චමීර කොස්වත්ත, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, මුදල් ලේකම් විමල් වත්තුහේවා යන මහත්වරුන් පත්කර ගෙන තිබේ.

සෙසු මධ්‍යමකාරක සභිකයන් ලෙස රංජිත් ශාන්ත, රවීන්ද්‍ර මුදලිගේ, ජූඩ් සිල්වාපුල්ලේ, ඉන්ද්‍රානන්ද ද සිල්වා, සුජිත් කුරුවිට, ප්‍රියන්ත කලුආරච්චි, චන්ද්‍රසිරි නන්දගේ, විපුල හේමන්ත කුමාර යන මහත්වරු පත්ව සිටිති.

 

Related posts

කාති උසාවියක කාතිවරුන් කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා

colombotoday

පරම්පරා තුනකට හම්බන්තොට චීනයට.. චීන සමාගම අවසන් ඔප්පුව සකසා අවසන් !

colombotoday

අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !

colombotoday

නීතිය සාමය මද්දුමබණ්ඩාරට දීම පිළිකුල්.. මහනුවර ගැටුම් ඇතිවුණේ නායකත්වයේ වරදින්

colombotoday

ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයි

Admin

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි අද සිට

colombotoday