Colombo Today Local News

හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරු අර්ජුන ඔබේසේකර ඉවත්වෙයි

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ඉවත් වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (10)දින විවෘත අධිකරණයට දැනුම් දුන්නේය.

හිජාස් ඉස්බුල්ලා මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චලන පෙරේරා මහතා විසින් ගොනුකළ මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.

එහිදී සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවය.

ඒ අනුව මෙම පෙත්සම ලබන 14 වනදා ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවන බව ද සභාපති විනිසුරුවරයා තීන්දු කළේය.

මේ බව දැනුම් දෙමින් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තර කරුවන් වෙත නොතීසි දන්වා යැවීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ වරුන්ට දැනුම් දෙන ලදී.

නීතීඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සමින් සඳහන් කර ඇත්තේ දැනට රැදවුම් භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවීම සඳහා ඉකුත් සැප්තැම්බර් මාසයෙන් පසුව මේ දක්වා ඔහුගේ නීතිඥවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථාව සලසා දී නොමැති බවය.

අත්අඩංගුවේ පසු වන හිස්බුල්ලා මහතා හමුවීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ ද ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවද පෙත්සමේ වැඩිදුරටත් සදහන් වේ.

ඒ අනුව අත්අඩංගුවේ පසු වන නීතිඥ හිස්බුල්ලා මහතා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ප්‍රවේශය ලබා දෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝග නිකුත් කරන ලෙසද පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී.

Related posts

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

colombotoday

කටුවාපිටියේ මරාගෙන මැරුණු බෝම්බ කරුගේ බිරිඳ පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ඉන්දියානු රෝ බුද්ධි අංශ ඔත්තුකාරියක්

colombotoday

වසර 40ක් පුරා මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ වෙඩි නොවදින කාර් මුහුදේ ගිල්වයි

colombotoday

රිෂාඩ්ගේ නිවසේ සේවය කළ තවත් තරුණියන් 8 ක් ගැන විමර්ශන සඳහා පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මාතරින් කොළඹට කැඳවයි

colombotoday

කොටින්ට විරුද්ධ සටනේ සයුර ජයගත් වීරයා සෙන්පති කරන්නාගොඩ බිලි දෙන්නේ ඇයි?

colombotoday

ව්‍යවස්ථාව ගැන මා සමග විවාදයකට එනු.. අනුරගෙන් මහින්දට අභියෝගයක් !

colombotoday