Colombo Today Local News

වසර 40ක් පුරා මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ වෙඩි නොවදින කාර් මුහුදේ ගිල්වයි

හිටපු ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ විසින් මේ වෙඩි නොවදින රථ භාවිත කර ඇත. ඒ වසර ගතවූ වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර ඇත.

මෙම රථ ගැඹුරු මුහුදේ හෙළීම භාරවී ඇත්තේ නාවික හමුදාවටය. එම රථවල සන්නිවේදන සහ වෙනත් උපාංග ද ඉවත් කර ඇත.

වෙඩි නොවදින කාල්ටර් ආවරණයෙන් යුතු මේ රථ මුහුදේ හෙළීමට තීරණය වී ඇත්තේ එම රථ වෙන්දේසියේ අලෙවි කළහොත් පාතාලයට සම්බන්ධ පිරිස්‌ ඒවා මිලයට ගැනීමට ඉඩ ඇති නිසා බවට වාර්තා වීමයි.

වසර ගණනාවක්‌ පැරණි මේ රථ අලුත්වැඩියා කිරීම සඳහා විශාල වියදමක්‌ දැරීමට සිදු වන බව ද වාර්තා වේ.

Related posts

තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම අවසන්

colombotoday

රජයට අයත් හෝටල් දෙකක් මාස 6ක් තුළ විකිණීමේ සූදානමක්…

colombotoday

ඇමති චන්න ජයසුමනගේ මිලියන දෙසීයක නිවස. සියල්ල හෙළිකරනවා – අසේල සම්පත්

colombotoday

ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්ව වැඩ කරන්න සුදානම් – එජාප නියෝජ්‍ය නායක රුවන් කියයි

colombotoday

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නොදුන්නැයි ජපානයත් කනස්සල්ලෙන්

colombotoday

යකඩ පොල්ලකින් පහර කෑ පුද්ගලයෙක් මිය යයි

Admin