Colombo Today Local News

කොළඹ වරාය නගරය ලංකා ආර්ථිකයේ කෙන්ද්‍රස්ථානය බවට පත්කරනවා – “පෝර්ට් සිටී” බලන්න ගිය අගමැති කියයි

වරාය ජාත්‍යන්තර මූල්‍ය නගරය ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ ඊයේ (2දා) කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

වසර 2020දී මෙම වරාය නගර ව්‍යාපෘතියේ සියලුම යටිතල පහසුකම් වැඩකටයුතු නිමා කර ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවද එහිදී අගමැතිවරයා සඳහන් කළේය.

ඉන්දියන් සාගරය තුළ වෙළෙදාම් කටයුතු කිරීමට සුදුසු මූල්‍ය හා වාණිජ නගරයක් බවට මෙම වරාය මූල්‍ය නගර ව්‍යාපෘතිය පත් කරන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වැඩකටයුතු සියල්ල ශ්‍රී ලාංකික ජනතාවට ආඩම්බර විය හැකි ආකාරයට අවසන් කිරීම සිය බලාපොරොත්තුව බව ද සිහිපත් කළේය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මූල්‍ය හා වාණිජ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ සංකල්පය ක්‍රියාත්මක වන ආකාරය මේ ස්ථානයේදී අපට දැකගත හැකියි. වසර 99ක බදු පදනම මත චයිනා හාබර් සමාගම විසින් මුහුද ගොඩකරමින් මෙම ස්ථානයේ මූල්‍ය හා වාණිජ නගරය ඉදිකිරීම දැන් සිදු කරනවා. අප ඉන් ප්‍රයෝජන ලබා ගත යුතුයි. එනම් ඉන්දියන් සාගරය තුළ වෙළෙ¼දාම් කටයුතු කිරීමට සුදුසු මූල්‍ය හා වාණිජ නගරයක් බවට අප මෙම ඉදිවෙමින් පවතින වරාය නගරය පත් කර ගත යුතුයි. ඒ වෙනුවෙන් මෙම වරාය නගරය අයිති ප්‍රදේශය වෙනම මූල්‍ය දිස්ත්‍රික්කයක් ලෙසත් නම් කර තිබෙනවා. දෙලක්‍ෂයකට අධික ජනතාවට මෙම නගරයෙන් ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. යුරෝපය, සිංගප්පූරුව ආදී රටවල්වල තිබෙන සියලු පහසුකම්වලින් සමන්විත නවීන නගරවලට සමානව ඉතා අලංකාරවත් ලෙස මෙම නගරය ඉදි කරනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව පණක් ලබාදෙන ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකියි. මූල්‍ය සේවා, වාණිජ සේවා ආදී සියලු සේවා කටයුතු මෙම වරාය නගරය හරහා ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම සියලු පහසුකම්වලින් සමන්විත විශාල උද්‍යානයක් ද මෙම වරාය නගරය තුළ ඉදිකිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ජනතාවට ආඩම්බර විය හැකි ආකාරයකට අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් චයිනා හාබර් සමාගමටත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයටත් මම ස්තූතිය පිරිනමනවා.

සියලු යටිතල පහසුකම් දියුණු කරමින් ගොඩනැඟිලි ඉදිකරමින් වර්තමානයේදී අපට සිතා ගැනීමටත් නොහැකි මට්ටමේ දියුණුවක් සහිත නවීන නගරයක් 2020 වන විට මෙහි ඉදි වනවා. මෙය ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළේ එක් අදියරක්. වරාය හා ගුවන් තොටුපොළ සේවා දියුණු කරමින්, විශාල කර්මාන්තකරණයක් ඇති කරමින්, මූල්‍ය සේවා, සංචාරක ව්‍යාපෘති ආදිය සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩකටයුතු අපි ආණ්ඩුවක් ලෙස ක්‍රියාවට නංවමින් සිටිනවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ ආණ්ඩුව මෙම වැඩකටයුතු භාර ගෙන තිබෙනවා. ඒ වගේම ඊට අදාළ නීති මෙම වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

Related posts

ජනපතිගේ තායි සංචාරය මලික්ගේ සගයන්ට පමණයි. රටේ බදු මුදලින් සැප අරන් ඇවිත්.

colombotoday

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin

හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය

colombotoday

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය යටවර බණ්ඩාරගේ දේහය දිවයිනට

Admin

මීගොඩ දී ඇල්ලූ මත්කුඩු ජාවාරම්කරු

colombotoday

මහවිරු සැමරුමට සහයෝගය දුන් 4 ක් පොලිස් අත්අඩංගුවට

colombotoday