Colombo Today Local News

මීගොඩ දී ඇල්ලූ මත්කුඩු ජාවාරම්කරු

මීගොඩ පානළුව සම්පත් මාවත ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 05ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගොඩ පොලිසිය ඊයේ (13)දින පස්වරුවේ සිදුකළ වැටලීමක දී ඔහුගේ නිවසේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වු 38 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කරයි.

ඔහු මැගසින් බන්ධනාගාර ගතව සිටින “සම්පත්” නැමැත්තාට අයත් මත්කුඩු බෙදාහරින්නෙකු බව වාර්තා වේ.

සැකකරු අද (14)දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර බොරැල්ල මැගසින් මාර්ගයේ දී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 270ක් සමග 51 හැවිරිදි සැකකරුවෙකු බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

වරාය ඇමති අර්ජුණ ඉවත් කරනතුරු වෘත්තීය සමිති 17ක් අඛණ්ඩව සටනේ

colombotoday

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday

විදෙස් දූත කාර්යාල නැවත අ‍රින්න අනුමැතිය

Admin

හෙළ සිනමාවේ රිදී සීනුව සමුගනී

colombotoday

ජනපතිට එරෙහිව සමනළ විරෝධතාවක්… සමලිංගික කොඩි ඔසවා පාර්ලිමේන්තුව කැදවන්න ඉල්ලයි…

colombotoday