Colombo Today Local News

GSP බදු සහනය අත්හිටුවීම ලංකාවට තදටම දැනෙයි.. ඇමරිකානු තානාපති කියයි

ශ‍්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 27.5ක් හෙවත් 4න් 1කටත් වඩා වැඩි ප‍්‍රමාණයක් අමෙරිකාව විසින් මිලදී ගන්නා බව ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂප් පවසයි.

ඔහු ඒ බව පැවුසවේ ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අමෙරිකාව විසින් ලබා දී තිබූ ජී. එස්. පී. සහනය ඉකුත් 31 වැනිදායින් පසු යළි දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමිනි.

තහවුරු කළ දත්තවලට අනුව, 2016 වසරේදී අමෙරිකාවට කළ අපනයනවලින් ශ‍්‍රී ලංකාව උපයාගෙන ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්නයි.

ඒ අනුව, අමෙරිකාවේ ජී. එස්. පී. සහනය අහිමි වීම ශ‍්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළ කෙරෙහි කැපී පෙනෙන බලපැමක් ඇති කරනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

අපනයන වෙළඳපොල මත රැකියා, විදේශ ඉපයීම් සහ රටක අර්ථිකයේ කාර්යක්ෂමතාව ද රඳා පවතින බවයි අතුල් කේෂප් වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි

Admin

20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ. – නිමල් ලාන්සා

colombotoday

ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි

colombotoday

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

Admin

“විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා” – විද්‍යා ඝාතන සැකකරු අධිකරණයේදී සාක්ෂි දෙයි

colombotoday

මැතිසබ‍යේ උණුසුම් තත්වයක්… පාර්ලිමේන්තුව කල්තැබේ

Admin