Colombo Today Local News

ඇමති චන්න ජයසුමනගේ මිලියන දෙසීයක නිවස. සියල්ල හෙළිකරනවා – අසේල සම්පත්

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුත් නිවසක තොරතුරු එම නිවස අසලටම ගොස් හෙළිකරන බව මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ අසේල සම්පත් ඊයේ (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා…

මේ පිළිබඳව අදහස් දැක්වූ අසේල සම්පත්…

කෙසේ වෙතත් අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් “ඇතුල් කෝට්ටෙන් මිලියන 200 වටිනා නිවසක් නොමිලේ ” තේමාව යටතේ මේ පිළිබඳව Facebook සටහනක් තබා ඇත. එම සටහන පහතින්

ඇතුල් කෝට්ටෙන් මිලියන 200 වටිනා නිවසක් නොමිලේ

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු සමග සමීපව කටයුතු කරන පුද්ගලයකු මාධ්‍ය සාකච්ජාවක් පවත්වා අද දින පහත පරිදි ප්‍රකාශ කර ඇත.

//එදා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිසිලෙස මානව සම්පත් සංවර්ධනයටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් කටයුතු කර තිබියදීත් අද රාජිත සේනාරත්න මහතාට හොරා යැයි චෝදනා කරමින් සිටී. අද දවස වන විට කොවිඩ් මර්දනයට පහසුවක් වී ඇත්තේ එදා යහපාලන ආණ්ඩුව සෞඛ්‍ය සේවයට දුන් පහසුකම් හේතුවෙන් ය.

අපි චන්න ජයසුමන මහත්තයගෙන් අහනවා ඇතුල් කෝට්ටේ මිලියන 200කට අධික අති නවීන ගෙයක් අරගෙන ඒක ඇතුළට අවශ්‍ය වන බුමුතුරුණු ද,මාළු ටැංකි ද, කැරකෙන පුටු ද, හාන්සි පුටුද, කවිච්චිද,අඩි 10-12 මෙට්ට ද, ඒවා සේරම සැපයුම් කරන්න භාර දීලා තියෙනවා එක්කෙනෙකුට. මම ලයිව් එකක් එනවා සියලු විස්තර සමඟින් ඔය නිවස ඉදිරිපිටදී…

වකුගඩුවක් අල්ලගෙන ආවේ. මම කිව්වා ඔය වකුගඩු ප්‍රශ්නයට හේතුව අනුරාධපුර,පොළොන්නරුව පැත්තේ වතුර ප්‍රශ්නය විතරක් නෙවෙයි කසල තේ ප්‍රශ්නයත් බලපානවා කියල.කසල තේ වලට ඩයි දාලා බොන්නේ. මේ ඩයි එකත් වකුගඩුවට බලපානවා. මේකයි ප්‍රශ්නය මේ ගැන අවධානය යොමුකරන්න කියල. ඒ ගැන වචනයක කතා නොකර වකුගඩුව අල්ලගෙන තමයි ඔය ආවේ//.

මට හෝ බිරිඳට හෝ මගේ සමීප ඥාතියකුට හෝ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ හෝ පිටකෝට්ටේ ප්‍රදේශයේ හෝ කෝට්ටේ ප්‍රදේශයේ හෝ කෝට්ටේ නගර සභා ප්‍රදේශයේ හෝ කිසිදු දේපලක් නැත. මට ඇති එකම නිවස 2015 වසරේදී ලංකා බැංකුවෙන් 15 වසරකින් ගෙවී යන ලෙස ලබා ගත් ණයකින් ලබා ගත් එකකි. එහි වටිනාකම මිලියන 200 න් දහයෙන් පංගුවකටත් අඩුය. එය ද කෝට්ටේ හෝ ඒ ආසන්න ප්‍රදේශයක පිහිටි එකක් නොවේ. ඒ හැරෙන්න මා සතු එකම වාහනය වූ හොන්ඩා වෙසල් මෝටර් රථය ද මේ වන විට විකුණා දමා ඇත. මේ කියන ආකාරයේ නිවසක් නැති නිසා බුමුතුරුණු ද, මාළු ටැංකි ද, කැරකෙන පුටු ද, හාන්සි පුටු ද, කවිච්චිද, අඩි 10-12 මෙට්ට හෝ කිසිවක්ද මිලදී ගෙන නැත; සැපයුමක් සඳහා ඇනවුමක් ද ලබා දී නැත. මා දැනට ජීවත් වන්නේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස මට ලැබුණු නිල වාසස්ථානයේ ය. එයද කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි එකක් නොවේ. මට ඇතැයි කියන ඇතුල් කෝට්ටේ නිවස කුමක්දැයි මේ චෝදනාව නගන පුද්ගලයා live පැමිණ හෙළි කරන තෙක් මම බලා සිටිමි. එතුමාට නොහැකි වුවහොත් වෙනත් කවරකු හෝ මට ඇතැයි කියන මේ නිවස ගැන, ඒ තිබෙන තැන සොයා දුනහොත් පැය 24 ඇතුලත තෑගි ඔප්පුවකින් එය පවරා දීමට බලාපොරොත්තු වෙමි.

කෙසේ වෙතත් මේ ගැන දැනටමත් පොලිස්පතිතුමාට දන්වා පැමිණිල්ලක් සිදු කළෙමි. තුච්ජ, පහත් දේශපාලනයේ ගොදුරක් බවට පත්ව ඇති මේ පුද්ගලයාට එරෙහිව අප්‍රමාදීයව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමි.

Related posts

රජයේ මර්මස්තානවල ක්‍රියාත්මක චින්තන ජිහාදය – ඥානසාර හිමිගේ සුවිශේෂී හෙළිදරව්ව

colombotoday

මාර්තු මස සිට පොහොර නොමිලේ.. කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

හොරකමට අල්ල ගත් සිසුන්ගේ පරිගණකයක් තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

colombotoday

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

Admin

13 වැඩක් නැ උතුරු නැෙඟනහිර ද්‍රවිඩ නිජබිමට ස්වයං පාලනය අරන් දෙන්න – ගජේන්ද්‍ර කුමාර් ඉන්දීය විදේශ ඇමැතිගෙන් ඉල්ලයි

colombotoday

සැප වාහන 800ක් හොරට ගෙනත් : ඉහළ අණින් රේගු පරීක්ෂණ නවතී.. කෝටි 400ක් රජයට පාඩුයි

colombotoday