Colombo Today Local News

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය : රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ.

පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා වෙත අදාළ ලිපිය භාර දී ඇත.

දීර්ඝ කාලයක සිට එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් නොකිරීමට එම පක්ෂය පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා යෝජනා කිරීමට පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිසමේ එළඹෙන රැස්වීමට යෝජනා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතය.

Related posts

රත්නපුරේදී රිය අනතුරක්

Admin

කම්කරුවන් අතින් ගැහෙන සහ ගැලවෙන කම්කරු දින දේශපාලන කටවුට්

colombotoday

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට

colombotoday

අවිස්සාවේල්ලේ “ගවුස්” ගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

“බැඳුම්කර වංචාවට සම්බන්ධ ආණ්ඩුවේ අය මට ගහනව.. සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්න බෑ” – ජනපිත

colombotoday

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

colombotoday