Colombo Today Local News

රිෂාඩ්ගේ නිවසේ සේවය කළ තවත් තරුණියන් 8 ක් ගැන විමර්ශන සඳහා පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මාතරින් කොළඹට කැඳවයි

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් තරුණියන් 8 දෙනෙකු කිසියම් කුට්ටනයකට, ලිංගික අතවරයකට හෝ වෙනයම් පහරදීම්වලට, අඩන්තේට්ටම්වලට ලක්වී ඇත්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු කණ්ඩායමක් ඊයේ (25)දින මෙම තරුණියන් පදිංචි ප්‍රදේශවලට පිටත් කර යැවීමට නියමිතව තිබූ බව වාර්තා වේ.

වරුණි බෝගහවත්ත මහත්මිය මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ලෙස රාජකාරි කරමින් සිටියදී මෙම විමර්ශන සඳහා කොළඹට කැඳවා තිබේ.

ඇය සමග මාතර ළමා හා කාන්තා අපරාධ විමර්ශන අංශයේ නිලධාරිනියන් හා නිලධාරීන් කිහිපදෙනකුද කොළඹට පැමිණ දැරිය සම්බන්ධ විමර්ශනවලට එකතු වී ඇති බවත් මෙම කණ්ඩායම කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ද සමග එක්වී මෙම දැරියන් 8 දෙනාගේ හා ඔවුන්ගේ මවුපියන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බද ද වාර්තාවේ.

වරුණි බෝගහවත්ත මහත්මියගේ සේවය පිළිබඳව පසුගිය කාලයේ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඇය කරන ලද විමර්ශන රැසක්ම ප්‍රසාදයට ලක් වුණි.

Related posts

මාළු ගණන් උස්සයි

colombotoday

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

Admin

ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයාගේ සේවා කාලය ඔක්තෝබර් අවසන්

Admin

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි

colombotoday

ඇමරිකාවෙ විරෝධය නොතකා ඊශ්‍රායලය අපට දුන් “සිංහ පෝතකයා ” කෆීර්.. සටන් බිමේ අභිමානවත් සටන්කරුවා !

colombotoday