Colombo Today Local News

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණ ගැන සැහිමකට පත් වෙනවා.- රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පවසයි.

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ෂණ කටයුතු සම්බන්ධව තමන් සැහිමකට පත්වන බවත්, ඉදිරියේදි වතු ආශ්‍රිත ළමුන් මෙහෙකාර සේවයේ යොදා ගැනිමට කිසිදු අයෙකුට නොහැකි වන සේ අණ පනත් රැගෙන ඒමට කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඊයේ (25) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරන ලදි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුර ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ෂණ කටයුතු සම්බන්ධව තමන් සැහිමකට පත්වන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (25) දින පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවකදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ෂණ කටයුතු වලට කිසිදු දේශපාලන බලපැමක් නැ.

මම නිතිඥයෙක් වශයෙන් දන්නවා මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අධිකරණයේ උපරිම දඩවම් ලැබෙන බව , රජයත් මේ පිලිබදව දැඩි අවධානයෙන් සිටින්නේ.

වතු කම්කරුවන්ගේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයේ යෙදවිමට කිසිවෙකුට නොහැකි වන සේ කම්කරු අඥා පනත ශක්තිමත් කිරිමට අපි මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටිනවා. අපේ රටේ කම්කරු ආඥා පනත අවු 100 කට වඩා පැරණි.බාල වයස්කාර ළමයෙකු මෙහෙකාර සේවයේ යොදවන දෙමව්පියන්ට දඩුවම් ලබාදිය හැකි සේ නව පනත් ගෙන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. මින් ඉදිරියට වතුකරයෙන් මෙහෙකාර සේවයට ළමුන් ගෙනියන්න කාටවත් බැ.

වතු කම්කරුවන්ගේ පවුල් වල අර්ථික ගැටළු තියෙනවා කියලා මම පිලිගන්නවා,ඒකට විසදුම ළමුන් මෙහෙකාර සේවයේ යෙදවවිම නෙවෙයි.ඉෂාලිනිගේ මරණය සමග සිදු කරන පොලිස් විමර්ෂණ කටයුතු විදිමත් කරන්න කියලා අද සියළු දෙනා එකතු වෙලා බලපැම් කරනවා.ඒක හොද දෙයක් නමුත් ඇතැම් අය මේ සිද්ධිය දේශපාලන වාසියක් කරගන්න උත්සහ කරනවා. වතුකරයේ ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල දාන්න අපි මේ වන විට වැඩපිලිවෙල් රාශ්‍රියක් දියත් කරලා තියෙනවා.

වතු කම්කරුවන්ගේ රු දහසේ වැටුප සම්බන්ධයෙන් (25) දින මස්කෙලිය ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වුවා.
ඇතැම් වතු සමාගම්වල රු දහස දෛනික වැටුප ලබාදෙන්නේ නැති ගැටළුව තියෙනවා. ඒ සම්බන්ධයෙන් අප ඉදිරියේදි ඒ වතු සමාගම් සමග සාකච්ඡා කරනවා.

තේ වගාවට රසායනික පොහොර නැති එක ගැටළුවක් තමයි.ජනාධිපතිතුමාගේ වැඩපිලිවෙල හොද දෙයක්.රසායනික පොහොර භාවිතය නිසා වතුකරයේ විශාල පිරිසක් බෝ නොවන රොග වලට ගොදුරු වි තිබෙනවා.මම රජයත් සමග සාකච්ඡා කරලා තියෙනවා තේ වගාවට අවශ්‍ය කාබනික පොහොර කඩිනමින් වතු සමාගම්වලට ලබාදෙන්න කියලා.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

නයි දෂ්ඨනයකදී කලයුත්තේ කුමක්ද?

colombotoday

ජල සම්පාදන සේවකයින් අද වැඩවර්ජනයක

Admin

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

පිටිපන තාක්‍ෂණ පීඨය මහින්ද විවෘත කලාට ඒක කලේ මම- චම්පික

colombotoday

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කොටුවෙයි

colombotoday

නාත්තන්ඩියෙ කොරෝනා ආසාදිතයකු ගම්මාන ගණනාවක වියළි ආහාර ‍බෙදලා. මාරවිල ගම්මාන හයකට ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday