Colombo Today Local NewsCovid 19

නාත්තන්ඩියෙ කොරෝනා ආසාදිතයකු ගම්මාන ගණනාවක වියළි ආහාර ‍බෙදලා. මාරවිල ගම්මාන හයකට ඇතුල්වීම පිටවීම තහනම්

මාරවිල පොලිස් වසමේ ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු කිසිම අයුරකින් ඇතුල් විම පිටවිම සම්පුර්ණයෙන් ඊයේ ( 28 ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කල බව මාරවිල පොලීසිය පවසයි.

මෙසේ ඇතුල්විම් පිටවිම සම්පුර්ණයෙන් තහනම් කර ඇත්තේ ඉහළ නාත්තන්ඩිය ,පහළ නාත්තන්ඩිය , මැද නාත්තන්ඩිය , මරද උතුර, මරද දකුණ, හාල්පන්විල ගම්මාන බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොවිඩ් 19 ( කොරෝනා ) වසංගතයට ගොදුරු වි මරණයට පත්වි ඇත්තේ මාරවිල හාල්පන්විල පදිංචි 60 හැවිරිදි ධර්මසිරි ජනානන්ද නැමති එක් දරු පියකු බව පවසයි .

මේ සමගම නාත්තන්ඩිය ප්‍රදේශයෙදී ඊයේ  දින කොරෝනා ආසාදිතයකු හමුවි ඇති අතර මොහු ගම්මාන ගණනාවක ජනතාවට වියළි ආහාර ‍බෙදාදිම කර ඇති බවත් මේ නිසාම ඉහත ගම්මාන වල ජනතාව දින 14 ක් නිවෙස් තුළම රඳවමින් නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු ආරම්භ කර තිබේ .

මේ වන විට අදාළ  ගම්මාන වලට කිසිම අයුරකින් පිටවිම ඇතුල්විම නවතා ඇති අතර පොලිස් යුද  හමුදා කණ්ඩායම් යොදවා ඇති බවද ජනතාව පවසයි . 

Related posts

අගවිනිසුරු විශ්‍රාම යයි… නව අගවිනිසුරු පත් කිරීම අද දහවල්…

colombotoday

“විජේකලාට එක නීතියක්, අපට තව නීතියක්” මන්ත්‍රී අලුත්ගමගේ මැරෙනතුරු උපවාසයකට සැරසෙයි…

colombotoday

චක්‍රලේඛයකට අනුව ගුරු – විදුහල්පති සංගම් සේවයට වාර්තා කිරීම ප්‍රතිෂේප කරයි

colombotoday

තිරසාර සංවර්ධන පනත උතුරු පළාත් සභාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට වැසි.

colombotoday

කැබිනට් අමාත්‍යාංශ නව ලේකම්වරුන් ජනපති ලේකම් හමුවෙයි

Admin