Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය මෙන්න…

පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසිරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රී 11.45 ට නිකුත් කරන ලදි. 

අභිනව පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වැනි දින කැඳවීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට 2019 ජනවාරි මස 05 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමටත් ජනාධිපතිවරයා නියම කර ඇත.

නාමයෝජනා බාරගැනීමේ කාලය ලෙස 2018 නොවැම්බර් මස 19 සිට  26 වැනි දින සිට දහවල් 12.00 දක්වා කාලය ලබා දී තිබේ.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව භාරකාර රජයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීම අද පස්වරුවේ සිදු කෙරිණි.

2019 මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමය මතම පැවැත්වීමට නියමිතය. 

Related posts

අගමැති එන සතියේ ඉන්දියාවට.. ත්‍රීමලේ වරාය, තෙල් ටැංකි, එට්කා ගැන එකගතාවකට එයි !

colombotoday

සජිත් හිටපු තැනටම… රනිල් තීරණය කරයි !

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු වෙත මුදා හරි

Admin

ජනපති රනිල් යළි දිවයිනට

Admin

ඩොලර්වලට ඉන්ධන ‌දෙන්න ලියාපදිංචි කිරීම අරඹයි

colombotoday

ජීප් රථ අනතුරකින් STF කොස්තාපල්වරු දෙදෙනෙක් මරුට

Admin