Colombo Today Local News

නිල රාජ්‍ය සංචාරයකට චීන විදේශ කටයුතු ඇමැතිත් ජුනි මාසයේදී මෙරටට

නිල රාජ්‍ය සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් ඊ මහතා ලබන ජුනි මස මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජය නියෝජනය කරමින් මෙරටට පැමිණෙන තුන්වන රාජ්‍ය නියෝජිතයා ලෙස ඔහු සැලකේ.

චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ගේ මහතාගේ නිල රාජ්‍ය සංචාරයෙන් පසු චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ද මෙරට සංචාරයක නිරතවීම විශේෂත්වයක් වේ.

එම සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් ඊ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමටත් රජයේ තවත් ඉහළ පෙළේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Related posts

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

Admin

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Admin

සමනල අඩවිය සහ සෝමාවතිය පූජා නගර ලෙස නම් කර ජනපති මෛත්‍රී නික්ම යයි

colombotoday

ප්‍රරවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට කොවිඩ්

colombotoday

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

colombotoday