Colombo Today Local News

කැබ් රථයක ගැටී මව සහ පුතු මරුට

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇයගේ පුත්‍රයා මියගොස් තිබේ.

ඊයේ (15දින සවස 6.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ සිටි 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ 11 දෙනෙකු ගමන් කර ඇති බවද පොලීසිය පවසයි.

කැබ් රථයේ රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය විමර්ශන සිදුකරයි.

මේ අතර පසුගිය 04 වනදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ ගාලු පාරේ පදික මාරුවක් මතදී යතුරුපැදියක ගැටීමෙන් දැරියන් දෙදෙනකු මියගිය අතර ගැබිනි මවක් බරපතළ තුවාල ලබා තිබුණි.

Related posts

ඔක්සිජන් සතිපතා ආනයනය කිරීමට අනුමැතිය

colombotoday

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත්

colombotoday

ජනපතිට අග මුල පටලවයි.. එළියට දාන්න කලින් බැදුම්කර වාර්තාව සංශෝධනයට සැරසෙයි !

colombotoday

කූඩු කර ඉන්න පාතාලයන් නිරීක්ෂණයට කඩා පනින හමුදාවක්

colombotoday

ඉස්ලාමීය සංවිධාන 48 ක් ගැන පුළුල් පරීක්‍ෂණයක්

colombotoday

සමෘද්ධි වැඩපිළිවළ යළි සමාලෝචනය ලබන 01 වැනි දා ආරම්භ කෙරේ.

colombotoday