Colombo Today Local News

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

rj2323452017 වසරේ ජනවාරි මස පළමුවනදා සිට රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකළහොත් අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනවාරි මස පළමුවනදා සිට රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ, රෝහල් මඟින් පමණක් සිදුකළ යුතු අතර එම පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම තහනම් බව අමාත්‍යවරයා කියයි.

සියළුම රසායනාගාර පහසුකම් සහිත රෝහල්වලට රජය විසින් දෙසැම්බර් මස 31 වනදා වන විට රුධිර පරීක්ෂණ යන්ත්‍ර ලබාදෙන බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමේ සිද්ධීන් වාර්තා වුවහොත් අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

මේ පිළිබඳ සඳහන් කරමින් ලබන මස මුල් සතියේදී රසායනාගාර පහසුකම් සහිත සියළුම රෝහල්වල අධ්‍යක්ෂවරුන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස තමා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

Related posts

තවමත් පදිංචියට නොගිය සබීතාගේ හිස් බිල්ඩිම, කෘෂිකර්මයේ මිලියන 828ක් ගිලලා !!

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

colombotoday

ඤාණසාර හිමි සිරගත කිරීම ගැන ජනතාව කියන කතා මෙන්න (Video)

colombotoday

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

නාලක සිල්වාට ඇප ඉල්ලූ පෙත්සම විභාග නොකරම ඉවතට

colombotoday

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday