Colombo Today Local News

පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය “ගොන් පාර්ට්” දමයි

තොරතුරු පනත යටතේ තොරතුරු ලබා ගැනීම සදහා අයදුම් කල පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා ඒ පිළිබදව විමසිම සදහා පාරිභෝගික අධිකාරියේ තොරතුරු නිළධාරිනිය ලෙස පත්කර ඇති එස්. සජීවනී කස්තුරිආරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ- අනුකුලවීම් හා බලගැන්වීම් යන අය ඇමතූ විට තොරතුරු ඉල්ලා සිටීම පිළිබදව උරණවී ඇය විතානගේ මහතා වෙත දෝෂාරෝපණය කර ඇත.

අදාළ හඬ පටය….

එම සංවිධානය විසින් ඉල්ලුමි කරන ලද තොරතුරැ එවා ඇති බවත්, ලිපිනය වැරදියැයි සදහන් කර එම ලිපිය අධිකාරිය වෙත නැවත එවා ඇති බවත් නිළධාරිනිය පැවසූ නිසා නැවතත් අධිකාරිය විසින් එම ලිපිනයට අදාල ලිපිය යවා ඇති බැවින් විතානගේ මහතාගෙන් ලිපිනය පිළිබදව විමසීමක් නොකර නැවත තැපෑලට ලිපිය යොමු කිරීම පිළිබදව නිළධාරිනියගෙන් විමසා ඇත. එහිදී කෝපාවිෂ්ඨ වූ එම නිලධාරිනිය බැනවැදී ඇත. (හඬ පටය පහතින්)

රාජ්‍ය සේවයේ කටයුතු කරන මෙවැනි උද්දච්ච කට හැකර නිලධාරීන් ඉතා නින්දිත ලෙස අහිංසක ජනතාවට “ගොන් පාර්ට්” දැමීම සුලබ කරුණක් වී ඇත. මෙවැනි නිලධාරීන්ට රැකියාව හිමි වී ඇත්තේ ජනතාවට සේවය කිරීම සදහා බව අමතකව ගොස් තනතුර යොදාගන වජබිමට උත්සහ ගනිමින් සිටියි. රටක් දියුණුවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන්නේනම් මෙවැනි නිලධාරීන් පන්නා දැමිය යුතුය. ඒ වගේම අදාළ නිලධාරිනියට තමාගේ “වන්සේ කබල්ගෑමට” අවශ්‍යයනම් තනතුරෙන් ඉල්ලා අස්වී ගොස් එය කරගත යුතුව ඇත.

තොරතුරු ලබා ගැනීමේ පනත මෙරට මහජනතාවගේ අයිතියක් බව රජයේ නිළධාරින් වටහාගත යුතු සේම එම නිළධාරින්ට වැටුප් ගෙවනු ලබන්නේද මෙරට ජනතාවගේ මුදලින් බව මෙම නිළධාරීන් වටහා නොගතහොත් මෙරට ජනතාව ඔවුන්ට එය වටහාදිය යුතුව ඇත.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ,
“පාරිභෝගික අධිකාරියේ නිළධාරින්ගෙන් මෙරට පාරිභෝගිකයින්ට විශාල ලෙස හිරිහැරවන බව වෙත වාර්තාවන අතර පූර්ණ කාලින සමාජිකයෙකු ලෙස පත්කර ඇති විශ්‍රාමික මහධිකරණ විනිසුරුවරයෙකු පාරිභෝගික අධිකාරිය අධිකරණයක් බව හගවමින් පාරිභෝගික කටයුතු අධිකාරි පනතට එරෙහිව යමින් නොතීසි නිකුකිරීමෙන් හා පවත්වන පරික්ෂණවලදී පැමිණිලි කරුවනට හා වගඋත්තරකාර පාර්ශවයට අසභ්‍ය වචනයෙන් බැණ වැදීමෙන් හා සිය තින්දුව පිළිගන්නා ලෙස බල කරමින් කටයුතු කර ඇති අතර ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට පැමිණිලි ලැබී ඇත. තවත් විශාල පිරිසක් පාරිභෝගික අධිකාරියට පැමිණ තමන්ට වූ අසාධාරණයන් පිළිබදව විරෝධය පළකර ඇත.
මෙරට පාරිභෝගිකයින්ට වන පීඩාවන්ට හා අසාධාරණයන්ට එරෙහිව සහනයක් ලබා ගැනීමට තිබෙන ආයතනයෙන්ද පිඩාවට පත්විමට මෙරට පාරිභෝගිකයින්ට අප සංවිධානය ඉඩ නොතබන අතර පාරිභෝගික අධිකාරියෙන් යම් අසාධාරණයක් කිසියම් පාරිභෝගිකයෙකුහට සිදුවූවා නම් අප සංවිධානයේ 0777-205137 දුරකතනයට දැනුම් දෙන ලෙස අප ඉල්ලා සිටිමු.
සභාපතිතුමනි පාරිභෝගික අධිකාරියේ දඩාවතේ යන බල්ලන් සිටී නම් වහා බැද දමන ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.”

Related posts

අත්අඩංගුවට ගන්න හොයන ඥාණසාර හිමියන්ගෙන් රහසිගත තැනක සිට ලිපියක් !!

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

අය වැය පරදවන්න රහස් මෙහෙයුමක්

colombotoday

කොරෝනා, සාර්ස් වාර්තා බිද හෙළයි… මරණ සංඛ්‍යාව 900 දක්වා ඉහළට

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

Admin

විපක්ෂ නායක කාර්යාලය/නිල නිවස සම්බන්ධන් අල්ලාගනී… මහින්දට දෙන්න බෑ කියයි…

colombotoday