Colombo Today Local News

TNA කැබිනට්ටුවට ගේන්න රතන හිමිගෙන් යෝජනාවක් !

දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කරන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ටත් කැබිනට් අමාත්‍ය පදවි ලැබෙන සේ ආණ්ඩුවේ සංයුතිය වෙනස් කළ යුතු බවට අතුරලියේ රතන හිමි යොජනා කරයි.

දෙමළ ජාතික සන්ධානය උතුරේ දෙමළ ජනතාවගේ බහුතරය නියෝජනය කරන පක්ෂය වූවත් ඔවුන්ට රාජ්‍ය පාලනයට එකතු වීමට ඇති අවස්ථාව අහිමි වීම මත නිරන්තරයෙන් රජය කෙරෙහි විවේචන පමණක් ගෙන එන කණ්ඩායමක් බවට පත්ව ඇති බව රතන හිමි පවසයි.

ඔවුන් රාජ්‍ය පාලනයට හවුල් වීම මඟින් උතුරේ ප්‍රශ්න සම්බන්ධයෙන් වඩා යහපත් විසඳුම් ලබා ගැනීමේ හැකියාව ද වන බව රතන හිමි පෙන්වා දෙයි.

කෙසේ නමුත් මෙම යෝජනාව දෙමළ ජාතික සන්ධානයට පමණක් නොව පළාත්බදව යම් දේශපාලන පක්ෂයක් වැඩිම ආසන ප්‍රමාණයක් දිනාගෙන තිබේ නම් එම පක්ෂයට පළාත් සංවර්ධන ඇමැති ධුරයක් ලෙස ලබා දිය යුතු බවට ද යෝජනා කර තිබේ.

ඊට විකල්ප යෝජනාවක් ලෙස සියලුම පළාත් සභා මහ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයට සම්බන්ධ කරගත යුතු බවත් පැවසේ.

Related posts

වසර 18කට පසු ලංකා සිතියම වෙනස් වෙයි.. දකුණ, නැගෙනහිර වෙරළේ වෙනසක්..

colombotoday

මුහුදුදෙන් ගෙන ආ මත්පෙති තොගයක් අල්ලයි

Admin

පාර්ලිමේන්තුව තහනම් කළ යුතු තවත් මන්ත්‍රීවරු ඉන්නවා

colombotoday

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin

පෞරාණික වටිනා පිළිමයක් විකිණීමට ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday