Colombo Today Local News

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාලවල සියලු සේවා අද සිට සතියක් අත්හිටුවයි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නරාහේන්පිට කාර්යාලය මගින් සපයනු ලබන සියලුම සේවාවන් අද සිට සතියක කාලයක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ , ඒ අනුව 011 2677877 දුරකතනය ඔස්සේ ලබා ගන්නා ලද වේලාවන් වෙන් කිරීම් සියල්ල අවලංගු වන බව ජනතාව වෙත දැනුම් දෙන බවයි.

එමෙන්ම දිවයින පුරා පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල මගින් රියැදුරු බලපත්‍රවලට අදාළව පවත්වන ලිඛිත සහ ප්‍රායෝගික පරික්ෂණ පමණක් නොපවත්වන බව ද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි .

අනෙකුත් කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ උපදෙස් අනුව සිදු කරනු ලබන බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

මේ අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ කොරොනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි.

මේ අතර විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සඳහා වන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ දින නියමයක් නොමැතිව අවලංගු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

අද සිට සම්මුඛ පරික්ෂණ සඳහා ලබාදුන් සියලුම විශ්‍රාමිකයින්ට ඒ සදහා ඉදිරියේදී නැවත දිනයක් ලබාදෙන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා සඳහන් කළේ ය.

Related posts

රෙදිපිළි-ඖෂධ කර්මාන්තයේ ආයෝජනයට බංග්ලාදේශයට ආරාධනාවක්

colombotoday

ගෝඨාභයට එරෙහිව රීට් පෙත්සමක්

colombotoday

මට ගැහුවා. බේරෙන්න ගත් උත්සාහය වීඩියෝ කරලා. | ෆුර්කාන්ගේ බලහත්කාරයට ලක්වූ දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා.

colombotoday

“අපිට දකුණේ ඡන්ද අවශ්‍ය නෑ.. මුස්ලිම් – දමිල ඡන්දයෙන් සජිත් දිනනවා“ – රිශාඩ් බදියුදීන්

colombotoday

බදුර්දීන්ගේ මල්ලී, හොර ඔප්පු හදා මන්නාරමේ මහා ඉඩම් ජාවාරමක !

colombotoday

යහපාලන කෙරුම් ‘කරු‘ ඇමතිගේ අනුහසින් කරුංකා ජාවාරම ජයටම.

colombotoday