Colombo Today Local News

සමාජ මාධ්‍ය පාලනය කරන්න අලුත් නීති ගේනවා – රංජිත් මද්දුම බණ්ඩාර

ඇතැම් පුද්ගලයන් ජාතිවාදය, ආගම්වාදය පැතිරවීම ඇතුළු විවිධ ක්‍රියාවන් සඳහා සමාජා ජාලා මාධ්‍ය භාවිතා කරන බැවින් ඊට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නව නීති පද්ධතියක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

බටහිර දියුණු රටවල ක්‍රියාත්මක වන නීති පද්ධති අධ්‍යයනය කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූළ වන ආකාරයේ නීති පද්ධතියක් හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බවත් ජර්මනිය, බ්‍රිතාන්‍යය වැනි රටවල අන්තර්ජාලය සහ සමාජ ජාලා මාධ්‍ය සඳහා හඳුන්වා දී ඇති නීති පද්ධති අධ්‍යයනය කරන ලෙස අගමැතිවරයා උපදෙස් දුන් බවත් ඇමතිවරයා පවසයි.

මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ජාතිවාදී ගැටුම් හේතුවෙන් මේ වනවිට ලංකාව පුරා සමාජ ජාලා මාධ්‍ය අවහිර කර ඇති අතර ජාතිවාදය ඇවිස්සවූ බවට තහවුරු කරගත් ෆේස්බුක් පිටු (facebook page) කිහිපයක් නතර කිරීමට ද රජය කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ජාතික සංවිධාන කිහිපයකට අයත් නිළ ෆේස්බුක් පිටුද අවහිර කර ඇති නමුත්, ජාතිවාදය අවුලවමින් ඉස්ලාමීය අන්තවාදීන් පිරිස් විසින් මෙහෙයවන ෆේස්බුක් පිටු බොහොමයක් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව නිරීක්ෂණය වන බව විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පවසති.

Related posts

පීඩාවට පත් ජනතාවට රු.5000 දීමනාව අද සිට

colombotoday

විභාග දෙපාර්තමේන්තුව සූර්ය බල ශක්තියෙන් බලගැන්වේ

colombotoday

රාජ්‍ය ලාංඡනය විතරක් මදි, උතුරු පළාත් සභාවේ වාහන වලට පළාත් ලාංඡනයත් ඉල්ලයි

colombotoday

බදියුදීන් සතොසින් මහජන මුදල් බිලියන ගණන් හොරකම් කලා. සැගවී ඉන්නේ වැරදි කල බව දන්න නිසා.

colombotoday

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday