Colombo Today Local News

ලකාවට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නෑ – අගමැති

මෙරටට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ  මද්‍රසා ඇතුළු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමිනි.

“මෙරටට ශරියා විශ්ව විද්‍යාල අවශ්‍ය නොවන බව මම මෙහිදී අවධාරණය කළා. එම නිසා විශ්ව විද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරනු ලබන ආයතන සියලු දෙනාටම විවෘත විය යුතුයි. සියලු දෙනාටම අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන වෙනත් කොන්දේසි ද ඊට ඇතුළත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව සෑම ආගමකම, සෑම ජාතියකටම විවෘත කර නිසි පාලනයක් ඇතිව පවත්වා ගෙන යාමට හැකි තත්ත්වයක් ඇති කරනවා.”

Related posts

සඳ නොපෙනෙයි… රාමසාන් හෙටට කල් යයි

colombotoday

X-Press Pearl වන්දි නඩුවට සහය වෙන්න ජනපති නීතිඥවරුන් දෙදෙනෙක් පත් කරයි.

Admin

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

Admin

තිබෙන සහල් තොග මාස 3 කට ප්‍රමාණවත්

colombotoday

තමිල්නාඩුවේ ඥාතීන්ට උතුරෙන් යැවූ ගංවතුර ආධාර ඉන්දියාව එපා කියයි.. මුරලිගේ සංගාගේ ආධාරත් වැට උඩ

colombotoday