Colombo Today Local News

පාස්පෝට් ඡායාරූප ශාලාවේ මෘදුකාංගය 95% ක් අක්‍රීය වෙලා

ආගමන විගමන දෙපාර්තුමේන්තුව මගින් ලබාදී තිබෙන මෘදුකාංගය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට අවශ්‍ය ඡායාරූප ඔන්ලයින් ඔස්සේ එම දෙපාර්තුමේන්තුව වෙත යොමු කිරීමට ලියාපදිංචි වී සිටින ආයතන දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.

එම මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය 95% ක් පමණ බිඳ වැටීම නිසා විදේශ ගමන් බලපත්‍ර සඳහා ඡායාරූප ලබා ගැනීමට ඡායාරූප ශාලාවලට පැමිණෙන ජනතාවද දැඩි අසීරුතාවට පත්ව ඇත. මේ පිළිබඳව දැනුම් දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඇමතුමක් ලබා ගැනීමට කොතෙක් උත්සාහ කළත් එය ද සාර්ථක නොවන බව ඡායාරූප ශාලා හිමියෝ පවසති.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලය තුළ පවත්වාගෙන යන ඡායාරූප ශාලාව මගින් ද අදාළ ඡායාරූප දෙපාර්තමේන්තුව වෙත ඔන්ලයින් ඔස්සේ යොමු කළ නොහැකි බව සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති.

මෙම ගැටලුව සම්බන්ධව මහනුවර ටෙලිෆික්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් පීරිස් මහතා විසින් ආගමන විගමන පාලක වෙත ලිඛිතව දැනුම් දී ඇත.

දිවයින පුරා විසිරී සිටින ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලු ආයතන මෙම ගැටලුවට මුහුණ දී සිටින බවත් මේ නිසා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අධික දුරක් ගෙවා පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවත් පැවසූ නිමල් පීරිස් මහතා මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් එය දෙපාර්තමේන්තුව පමණක් නොව රජයද අපකීර්තියට පත්වීමට හේතුවක් විය හැකි බව ද පවසයි.

Related posts

අඹ ගෙඩියක් කෑ ගැබිනි මවක් මියගිහින්

Admin

ජාතියක් බෙලහීන කරන, පාසල් දරුවන් බිලිගන්න “ටැබා” බදුල්ලෙනුත් මතු වෙයි !

colombotoday

මහින්දගේ ජාතික පෙරමුණ සුදු නෙළුමෙන් එයි.. නම ඉදිරියේදී

colombotoday

චීන නෞකාව මෙරට මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු අද සිට අරඹයි

Admin

සෞඛ්‍ය වෘත්තිය ‍වේදින්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

colombotoday

‘ඉන්දියාවට තෙල් ගබඩා කරගන්න ත්‍රිකුණාමලය දෙනවා.. 2020 දිනන්නෙත් අපි‘ – අගමැති

colombotoday