Colombo Today Local News

චීන නෞකාව මෙරට මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු අද සිට අරඹයි

ෂියෑන් සික්ස් චීන පර්යේෂණ නෞකාව සමග අද(30)දින මෙරට මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු ආරම්භ කරන බව, නාරා ආයතනය පවසයි.

එම ආයතනය සඳහන් කරන්නේ, බෙන්තරට ඔබ්බෙන්වූ මුහුදේ එම පර්යේෂණ කටයුතු සිදුකරන බවයි.

එහිදී මුහුදු ජලයේ උෂ්ණත්වය, මුහුදු දියවැල්වල තත්වය, ඒවා මත්ස්‍යයින්ට බලපාන ආකාරය සහ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අධ්‍යයනය කෙරෙනු ඇති.

ඊට අමතරව මුහුදු ජලයේ විවිධ ජල මට්ටම්වල සාම්පල් පරීක්ෂා කිරීමට ද නියමිතව ඇතැයි නාරා ආයතනය සඳහන් කළේ ය.

ඒ සඳහා නාරා ආයතනයෙන් එක්වන නිලධාරීන් සංඛ්‍යාව 4කි.

ඊට අමතරව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද අදාළ පර්යේෂණ සදහා එක්වන බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ ය.

පසුගිය 25 වැනිදා කොළඹට ළඟා වූ ෂියැන් සික්ස් චීන පර්යේෂණ නෞකාවේ පුද්ගලයින් 60දෙනෙකුට ගමන් කළ හැකියි.

ටොන් 260ක පර්යේෂණ උපකරණ, එම නෞකාව සතු වෙයි.

Related posts

මහින්දට ලිපියක් ලියා, විමල් සියලු බැදීම් අත්හරියි !

colombotoday

දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවතට

colombotoday

නව ත්‍රස්ත මර්ධන පනතේ පිටපතක් පාර්ලිමේන්තුවටත් කලින් ඊළාම් වෙබ් අඩවියක !

colombotoday

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අනිද්දා අරඹයි

colombotoday

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday

ඊයේ කොවිඩ් මරණ 26ක්

colombotoday