Colombo Today Local News

‘ඉන්දියාවට තෙල් ගබඩා කරගන්න ත්‍රිකුණාමලය දෙනවා.. 2020 දිනන්නෙත් අපි‘ – අගමැති

ඕනෑම මැතිවරණයකට මෙන්ම ඕනෑම අභියෝගයකට තමන් සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පෙරමුණේ මැයි රැළියේදී පැවසීය.2015දී රාජපක්ෂ පාලනය පරදා වරමක් ලබාගැනීමට හැකි වූ අතර ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත් බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

කඩාවැටුණු ආර්ථිකය වසරක් තුළ ස්ථාවර කිරීමට හැකි වූ අතර ඉදිරි වසරේදී රටේ සංවර්ධනය වැඩපිළිවෙල ආරම්භ වන හෙයින් ඊට සහය ලබා දෙන ලෙස අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රාජපක්ෂ පාලන සමයේ අහිමි වූ GSP + සහනය නැවත ලබා ගැනීමට යහපාලන ආණ්ඩුවට හැකි වූ අතර එමඟින් භාණ්ඩ 6600ක් පමණ යුරෝපයට අපනයනය කිරීමට හැකියාව ලැබෙන බවයි අගමැතිවරයා පැවසුවේ.GSP +සහනය හිමිවීමත් සමඟ නිෂ්පාදනය පමණක් නොව කර්මාන්තශාලාද ඉදිවන බව හෙතෙම ප්‍රකාශ කළේය.

“අපනයන ආදායම දෙගුණයක් කිරීම තමයි අපේ අරමුණ.රාජපක්ෂ රෙජීමය අපට භාර දුන්න අභියෝගය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.2018 වසරේ විතරක් අපට ගෙවීමට ඇති ණය මුදල රු.කෝටි 96000ක්.මේ මොහොතේ ඉදලා 2020 වෙනකොට විදේශ ණය ඩොලර් කෝටි 1500ක් ගෙවිය යුතු වෙනවා.ජනතාවට බරක් නොවන පරිදි මේ ණය ගෙවා දැමීම අපේ අරමුණයි.ණය ගෙවෙන අතරතුර අපි අලුත් කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි.අලුත් හෝටල් ඇති කළ යුතුයි.GSP +සහනය ලැබීමත් සමඟ අපනයන ආදායම තවදුරටත් වැඩිකරගන්න අපට අවස්ථාව ලැබෙනවා.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක සහ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම අපේ අරමුණක්.ඒ වගේම ඉන්දියාවට අවශ්‍ය ඉන්ධන ගබඩා කරන්න පහසුකම් අපි ත්‍රිකුණාමලයෙන් ලබා දෙනවා.ඉදිරි අවුරුදු පනහේදී ඉන්දියාව දියුණු වෙන්න දියුණු වෙන්න ඔවුන්ට ඉන්ධන ගබඩා කරන්න පහසුකම් නැහැ.ලංකාවේ ඒ පහසුකම් දුන්නහම ගබඩා ගාස්තු ලැබෙනවා.ඒ වෙනුවෙන් මූල්‍ය ලාභයක්ද ලැබෙනවා.මේක තෙල් සංස්ථාව හා ඉන්දියානු සමාගමයි එකට එක්ව කරන වැඩක්පළමු වතාවට තෙල් සංස්ථාවට ඉන්දියානු වෙළෙඳ පොළට ඇතුළු වීමේ අවස්ථාවක් අපි හදා දෙනවා.

හම්බන්තොට වරාය ගිවිසුම අනුව චීන සමාගමෙන් අපිට ඩොලර් කෝටි 100ක් ලැබෙනවා.එමඟින් අපේ ණය අඩු වෙනවා.මේ ආයෝජනයන් භාරගන්නවාද? නැත්නම් ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි කරගන්නවාද?

එක්සත් ජාතික පෙරමුණ ඉදිරියට ඇවිත් රට ආරක්ෂා කරනවා.රටේ දියුණුව ගැන කතාකරනවා.අද ඉදන් අපි ඉදිරියට යනවා.ආපසු පස්සට යන්නේ නැහැ.”

ඒ අනුව 2020 වසරේදීත් ප්‍රබල ජනවරමක් හිමිවන බව අගමැතිවරයා අවධාරණය කළේය.

Related posts

“නාම යෝජනා දීමට නම් මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා” – මධූෂාගෙන් පොහොට්ටුවට චෝදනා (Video)

colombotoday

ජනාධිපති නිල නිවස වැටලීමට එජාපයේ සැලසුමක් !

colombotoday

IOC විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

IOC ඉන්ධන මිලත් අඩු වෙයි

colombotoday

රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයත් චීනයට !

colombotoday

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday