Colombo Today Local News

ඉන්ධන සැපයුම තවදුරටත් සීමා කරන්නේ යළි මිළ ඉහළ දැමීමේ අරමුණින් – වෘත්තිය සමිතියක් හෙළිකරයි

ඉන්ධන සැපයුම තවදුරටත් සීමා කරන්නේ යළි මිළ ඉහළ දැමීමේ අරමුණින් යැයි සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පවසයි.

එම වෘත්තීය සමිතියේ කැදවුම්කරු ආනන්ද පාලිත කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, මෙරටට ගෙන්වා ඇති බොරතෙල් නෞකාවකට ප්‍රමාද ගාස්තු ලෙස අති විශාල මුදලක් ගෙවන බවයි.

29 වැනිදා මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් නැවක් එනවා. වැස්ස නිසා දැන් ජලාශ පිරිලා. එහෙනම් මේ සීමා කරන්නේ අනිවාර්යයෙන්ම ඉතා කඩිනමින් යළි ඉන්ධන මිල වැඩිකරන්න.

දැන් පෝලිම් නැති කළ යුතුයි. පෝලිම් වලට අවශ්‍ය ඉන්ධන තියෙනවා. මේ තියාගෙන ඉන්නේ ඉන්ධන ගොඩගහගෙන තියලා, මිනිස්සු පාරෙ තියලා මිල වැඩිකරන්න.

Related posts

අරලියගහ මන්දිරය තුලදී ගෝඨභය, මහින්ද ඝාතන සැලසුමක් නූලෙන් මිස්සෙයි.

colombotoday

අණ නොතකා ගිය ත්‍රීරෝද රථයකට වෙඩි – පුද්ගලයින් දෙදෙනෙක් පැන යයි

Admin

දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි දා උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ

colombotoday

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

බලපෑම් එපා, අපේ ප්‍රශ්න අපි විසඳගන්නම් – ජනපති ජගත් සමුළුවේදී කියයි

colombotoday

ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය

colombotoday