Colombo Today Local News

අරලියගහ මන්දිරය තුලදී ගෝඨභය, මහින්ද ඝාතන සැලසුමක් නූලෙන් මිස්සෙයි.

මීට වසර 15කට පෙර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් අරලියගහ මන්දිරය තුළදී කොටි සංවිධානය විසින් බෝම්බ පුපුරුවා හැරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වූ බවත් ඕස්ට්‍රේලියාවේ සිංහල සංවිධානය වහා ක්‍රියාත්මක වී ඒ ගැන තොරතුරු කල් තියා දැනුම්දුන් නිසා එම විනාශය වළක්වා ගැනීමට හැකි වූ බවත් අද පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉරිදා පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් දකුණු පළාතේ ව්‍යාපාරිකයකු වන නිහාල් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිංහල සංවිධානය විසින් දැනුම් දුන් මෙම අනතුරු ඇඟවීම තමා කඩිනමින්ම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කළ බවයි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතාගේ සහෝදරයකුද වන නිහාල් ගුණසේකර මහතා මෙම සිදුවීම වැඩිදුරටත් විස්තර කර ඇත්තේ මෙසේයි.

“2006 වසරේ දෙසැම්බර් 1 වැනිදා තමයි පිත්තල හන්දියේ බෝම්බ පිපිරීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් කොටි සංවිධානය විසින් සිදුකළේ.”

“ඊට දිනකට හෝ දින දෙකකට පෙර මධ්‍යම රාත්‍රි 12.00ට විතර ඕස්ට්‍රේලියාවේ සිංහල සංවිධානයේ නියෝජිතයකුගෙන් මට දුරකථන ඇමැතුමක් ලැබුණා.”

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයායි ඉලක්ක කරගෙන අරලියගහ මන්දිරය තුළ බෝම්බ පිපිරීමක් සිදු කරන්න කොටි සංවිධානය සූදානම් වෙනවා.”

“ඒ සේරම තොරතුරු අපි හොයාගත්තා. අරලියගහ මන්දිරයට නිතරම යන ඉහළ පොලිස් නිලධාරියෙක් සම්බන්ධ කරගෙනයි මෙම ප්‍රහාරය සැලසුම් කරලා තියෙන්නේ. එම ඉහළ පොලිස් නිලධාරියාගේ බිරියගේ නැඟණිය කොටි සංවිධානය විසින් අල්ලලා ඉවරයි. එම නැඟණියට විශාල වශයෙන් මුදල් කොටි සංවිධානයෙන් ලබාදෙනවා. ඒ හරහා මෙම සැලැස්මට ඉහළ පොලිස් නිලධාරියාත් සම්බන්ධ කරගෙන තියෙන්නේ”

“මේ ගැන දැන්මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැනුවත් කරන්න. අපේ රට කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරාගන්න පුළුවන් නායකයන් අපි රැකගන්න ඕනෑ. දැන්මම ක්‍රියාත්මක වෙන්න කියලා ඕස්ට්‍රේලියාවේ සිංහල සංවිධානයේ මිත්‍රයා මට කිව්වා.”

“එම ඉහළ පොලිස් නිලධාරියාගේ බිරියගේ නංගිගේ බැංකු ගිණුම් තොරතුරු මට ලබාදුන්නා.

මට දැන් මේක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනකම් ඉවසීමක් නැහැ. මම මේක කතාකරලා ඩිව් ගුණසේකර අයියටත් කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්තයා උදේ 5.00ට නැඟිටිනවා. මං එතකොටම යන්නම් කියලා ඩිව් ගුණසේකර අයියා මට කිව්වා. මං උදේ 5.15ට පමණ මහින්ද රාජපක්ෂ මහත්තයාට දුරකථන ඇමැතුමක් ලබාදීලා මේ ගැන කියනකොට ඩිව් ගුණසේකර අයියත් ඒ වෙලාවටම අරලියගහ මන්දිරයට ගිහිල්ලා තියෙනවා. ඩිව් ගුණසේකර අයියත් මේ ගැන විස්තර ජනාධිපතිතුමාට කියලා තියෙනවා.”

“මේ ගැන තොරතුරු හොයාගෙන එදා හවස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා. නිහාල් ඔයා කියපු තොරතුරු හරියට හරි. ඔයා දීපු තොරතුරු නිසා අපි බේරුණා කියලා.”

Related posts

උලමා සභාව කියන්නේ පට්ටපල් බොරු – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක්..

colombotoday

දූෂණ චෝදනා එල්ලවූ අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම ජනපති කැන්සල් කරයි…

colombotoday

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරක – 11ක් රෝහලේ..

Admin

මනමාලිගේ සැමියා මංගල දා රැ 51කේ මනමාලයාගේ ගෙල කපා මරාදමලා

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග…

colombotoday

“මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වානම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ”- නිලන්ත ජයවර්ධන

colombotoday