Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පතිට පහර දුන් තිදෙනා යළි රිමාන්ඩ්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදී තුවාල කළැයි කියන සැකකරුවන් තිදෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (12)දින නියෝග කළේය.

මෙම සැකකරුවන් එදිනට හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ හදුනාගැනීමේ පෙරට්ටුව අද (12) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද, මෙහි ප්‍රධාන සාක්ෂිකරු වන පොලිස් රියැදුරා පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් හදුනාගැනීමේ පෙරට්ටුව කල් දමන ලෙසට කොල්ලුපිටිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම පෙරට්ටුව කල් තැබීය.

Related posts

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

Admin

රුපියල අදත් පහලට වැටේ… ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි…

colombotoday

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

colombotoday

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස විමල්ගේ බිරිද ශෂී ඉල්ලයි (Video)

colombotoday

බැදුම්කර ගනුදෙනුව ගැන සොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

ආණ්ඩුවේ මෝඩ ඇමතිලාගේ කටවල් වහන්නැයි ඇල්ලේ නාහිමි ජනපතිගේ මූණටම කියයි

colombotoday