Colombo Today Local NewsUncategorized

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන සියලු අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය, මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල ද සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකට සේවාවන් සපයන බවය එම වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන්ට පමණක් තමන් පදිංචි ස්තානයට ආසන්නම කාර්යාලයට පැමිණ තම සේවා අවශ්‍යතාවන් සපුරා ගන්නා ලෙසත් වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීමකින් තොර ව සිය ප්‍රධාන කාර්‍යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයන්ට පැමිණෙන කිසිවකු කාර්යාල පරිශ්‍ර තුළට ඇතුළත් කර නො ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම සඳහා පිවිසෙන්න…

Related posts

අට වැනිදා තීරණාත්මකයි… ශ්‍රීලනිප 16 කණ්ඩායම සමග තවත් පිරිසක් විපක්ෂයට… ආණ්ඩුවේ ගමන නිමයි?

colombotoday

“හමුදාවේ ගෞරවය, අභිමානය ආරක්ෂා කරනවා” රණවිරු ස්මාරක ඉදිරියේ ජනපති දිවුරයි

colombotoday

රජරට විශ්වවිද්‍යාලයට නව උපකුලපතිනියක්

colombotoday

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී ?

colombotoday

මැලේරියා රෝගයට ලබා දෙන ඖෂධ වර්ග දෙකක් වෛද්‍ය නිර්දේශකින් තොරව අලෙවිය තහනම්

colombotoday

මාළිගාවත්තේ පාළු ලිදකින් කඩු, පිහි තොගයක් ගොඩගනී…

colombotoday