Colombo Today Local News

“හමුදාවේ ගෞරවය, අභිමානය ආරක්ෂා කරනවා” රණවිරු ස්මාරක ඉදිරියේ ජනපති දිවුරයි

146-1140x870-393x300ජාත්‍යන්තර චෝදනාවලට මුහුණදීමේ දී ත්‍රිවිධ හමුදාවේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කිරීමට රජය බැදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ පැවැති වර්ණ ප්‍රධානොත්සවයට එක් වෙමින්. ලෝකයේ ප්‍රබල රාජ්‍යවල ප්‍රබල හමුදාවන්වල ඓතිහාසික තොරතුරු පිළිබද තමන්ට ඇති අවබෝධය මත කිසියම් ආකාරයකින්වත් මේ රටේ ත්‍රිවිධ හමුදාව ආරක්ෂක අංශ දුර්වල කිරීමට ඉඩ නොතබන බවට රණවිරු ස්මාරක ඉදිරියේ ප්‍රතිඥා දෙන බවද ජනපතිවරයා පැවසීය.

වසර 25කට පසු ශ්‍රී ලංකා පාබල හමුදාවේ වර්ණ ප්‍රධානෝත්සවයකට රාජ්‍ය නායකයෙකුගේ එක්වීම සනිටුහන් කරමින් එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වෙත ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කිරිමත්, පළමුවන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ දෙවන ශ්‍රී ලංකා ස්වේච්ඡා පාබල හමුදා ඒකකයන් වෙත ජනාධිපති වර්ණ සහ ඒකක වර්ණ ප්‍රදානය කිරීමත් සිදු කරන ලදි.

03 (12)05 (9)10 (1)13

Related posts

ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක්

colombotoday

ඇප අයඳුම්පත් සලකා බලන්න අලුත් ක්‍රමයක්

colombotoday

ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පුරාවස්තු සෙවූ 6ක් STF දැලේ

colombotoday

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහර දුන් 18ක් අත්අඩංගුවට

colombotoday

රනිල්ගේ නිවසට ගිනි තැබීම : ප්‍රකාශ සටහන් කර ගත් දුලාංජලී රටෙන් යයි

colombotoday

TNA සමග අපි ඩීල් දැම්මේ නෑ – පොහොට්ටුව කියයි

colombotoday