Colombo Today Local News

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයේ වැඩ අරඹයි

මේරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේ ය.

සී.ඩී වික්‍රමරත්න මහතා 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධරයෙකි.

මීට අමතරව සී.ඩී වික්‍රමරත්න මහතා බැට්ෆොර්ට් විශ්වවිද්‍යාලයෙන් සහ හාර්වඩ් විශ්වවිද්‍යලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.

2019 අප්‍රේල් 28 වැනිදා සිට වසරකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ද සී.ඩී වික්‍රමරත්න මහතා ය.

Related posts

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Admin

“කොටි නිදහස් කරනු” ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌

colombotoday

කතානායකගේ අවම සදාචරයවත් නෑ, ආණ්ඩු පක්‍ෂයට බරයි.. පක්‍ෂ නායකයන්ට කතා කරන්නවත් දෙන්නෙ නෑ..- අනුර

colombotoday

අන්තරේ පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

colombotoday

අධික වර්ෂාවෙන් පීඩාවට පත් මාතර ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක්

colombotoday