Colombo Today Local News

ඉතියෝපියාවේ යුද කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ඉවත් කර ගනී

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ඉවත් කරගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

විදේශ අමාත්‍යාංශය, ඉතියෝපියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත.

ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, එතැන් සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙනවිත් තිබේ.

ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ නියුතු මෙම සියලුම ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනකදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට (TPLF) අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය 2020 නොවැම්බර් 04 වැනි දින ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related posts

ආණ්ඩුව ගෙදර යායුතුයි – දිනේෂ් ගුණවර්ධන

colombotoday

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

colombotoday

ඒකාබද්ධයට පාර්ලිමේන්තුවේ අසුනක් අහිමිවෙයි.. ශ්‍රීයානි විජේවික්‍රම ජනපතිට එක්වෙයි

colombotoday

ආගමික වැඩසටහන් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Admin

“රාජපක්ෂට තඩිබානව.. රාජ්‍ය සම්පත්ටික විකුණන් කනව.. මේ ආණ්ඩුව කරන්නේ මෙච්චරයි“ – ජවිපෙ අනුර

colombotoday

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම තහනම්

colombotoday