Colombo Today Local News

විග්නේෂ්වරන් උතුරේ ස්වයංපාලනය ඉල්ලද්දී, ලෝකය දිනා ජනපති මෛත්‍රී කටුනායකින් බහී !

mithrepala-sirisenaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි සැසිවාරයට සහභාගීවීමට ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ (26) පස්වරුවේ යළි දිවයිනට පැමිණියහ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මව් බසින් ඇමතූ ජනාධිපතිවරයා, ඇමරිකානු ජනාධිපතිවරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීය. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති සංහිදියා වැඩපිළිවෙල රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුගේ ප්‍රශංසාවට ලක්ව තිබුණු අතර, ජනාධිපති මෛත්‍රීගේ නායකත්වය යටතේ වත්මන් රජය ලෝකයේ හොද හිත දිනා ඇති බවට රජයේ මැති ඇතිවරුන් සහ රාජ්‍ය මාධ්‍ය වාර්තා පලක තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා රජයේ සංහිදියා වැඩපිළිවෙල ගැන ජාත්‍යන්තරයට කියද්දී, සංහිදියාව ගිනිබත් කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් රාජ්‍ය බලය යොදාගනිමින් උතුරු නැගෙනහිරින් සිංහල බෞද්ධයන් පළවාහරින්නැයි ඉල්ලමින්, රටේ ව්‍යවස්ථාවට, ස්වෛරීත්වයට අභියෝග කරමින් ස්වයංපාලන අයිතිය ඉල්ලන ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වනු ලැබීය.

යහපාලන රජයේ ප්‍රධානම ව්‍යාපෘතිය වන සහ ජනාධිපතිවරයා විසින් නිතර උත්කර්ෂයට නංවන “සංහිදියාව“ මෙරට බහුතර ජනතාගේ ඇස් වසා දෙමළ බෙදුම්වාදය සතුටු කරවන තවත් එක් ප්‍රෝඩාකාරී ව්‍යාපෘතියක් නොවේනම්, සංහිදියාවට වින කටින විග්නේෂ්වරන් ඇතුළු බෙදුම්වාදී නඩය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි සැබෑ සංහිදියාවකට ලැදි ජනතාව බලා සිටී.

Related posts

“17 හයිඩ්පාක් රැළිය ශ්‍රීලනිප මන්ත්‍රීන්ට තහනම්.. මහින්දටත් තහනම්.. ගියොත් විනය පියවර” – දුමින්ද දිසානායක

colombotoday

“පෞද්ගලික විශ්වවිද්‍යාල තවත් ඇතිකළ යුතුයි” – උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති

colombotoday

බෝතල් ප්‍රහාර අතරේ කෝලි ළගට ගිය මාලිංග අපේ රටේ නම බේරාගන්න කියපු කතාව (Photo)

colombotoday

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

20 හදද්දී අපෙන් කිසිවක් ඇසුවේ නෑ.. මුස්ලිම් මෙරට ප‍්‍රධාන ජනවර්ගයක් – මුස්ලිම් කොංග්‍රසය කියයි

colombotoday