Colombo Today Local News

ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනේ (Photo)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය වසර 07කට පසු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් හමුවේ අද (27දා) පෙරවරුවේ ගොඩගනු ලැබීය.

පෙරවරු 8.30 සිට දහවල් 11.30 දක්වා සූක්ෂම අයුරින් ගොඩගත්  එම අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ගෙන යනු ලැබීය.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ ගිනි අවියකින් වෙඩි තැබීමෙන්ද එසේත් නැතහොත් විදේශයකින් ආනයනය කළ උල් ආයුධයකින්ද යන්න සොයාගැනීම සඳහා මේ අයුරින් සිරුරේ අස්ථි කොටස් ගොඩගත් බවත්, සම්පූර්ණ අස්ථි පද්ධතිය විනාශ නොවී තිබුණු බවත් ලසන්ත වික්‍රමතුංග මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ආරම්භයේ සිට අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අතුල එස්. රණගල මහතා සඳහන් කළේය.

3333 11111

Related posts

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

colombotoday

මිණිය වළලන්න ගිය 25කට හෙන ගහලා

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ කහ තොගයක් මන්නාරමෙදී හමුදා බාරයට

colombotoday

යහපාලනය කියා බලයට ආවට මේ ආණ්ඩුවේ ඇති යහපාලනයක් නෑ.. – මල්වතු මහනාහිමියෝ පවසති

colombotoday

විමල්ගේ සුව දුක් බලන්න ඥාණසාර හිමි බන්ධාගාරයට… විමල් රෝහලට !

colombotoday

පෙත්සම් ගැන තීරණයක් දෙන තුරු මන්ත්‍රී ධුරයේ හෝ ඇමති ධුරයක දිවුරුම් දෙන්නේ නැහැ – ධම්මික පෙරේරා

colombotoday