Colombo Today Local News

Facebook පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම, ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි

ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් සමග, මෙරට පණවා ඇති තහනම ඉවත් කිරීම පිළිබදව රජයේ පාර්ශව පවත්වන සාකච්චා මාලාවට ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සහයෝගය ලබාගැනීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව එම සංවිධානය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ෆේස්බුක් වෙබ් අඩවිය විසින් මෙර පිහිටුවන ලද එම ආයතනය විසින් සහයෝගය දක්වන එකම පරිවර්තන සමූහය අප වන අතර 2014 වසරේ පටන් ෆේස්බුක් අඩවිය සිංහල භාෂාවෙන් පරිශීලනය කිරීමට හැකිවන අයුරින් කටයුතු කල එකම කණ්ඩායමද අප වේ.

ශ්‍රී ලංකාවේ සමාජ ජාල වෙබ් අඩවි පිලිබදව උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් ඉන්දියාවෙ සිට පැමියෙන ෆේස්බුක් නියයෝජිතයන් හා සම්බන්ධවී සාකච්චා කොට ගැටළු නිරාකරණය කර විසදුම් සෙවීමට අප සමූහය විසින් තොරතුරුතාක්ෂණ හා ඩිජිටල් ඇමති හරින් ප්‍රනාන්දු සමග අද දිනයේ වෙලාව වෙන්කරගැනීමට උත්සාහ කලද ඔහුයේ ලේකම්තුමිය විසන් අපයේ ඉල්ලීම පිළිනොගැනීම අප සමූහය විසන් තරයේ හෙලා දකිමු.

ශ්‍රී ලාංකික නාමය සිංහල භාෂාව ජාතයන්තරයේ බැබලවීමට කටයුතු කල අප සමූහය විසන් ස්වේච්චාවෙන් ඉදිරිපත්වී ඉදිරියේදී ෆේස්බුක් වෙබ් අඩවියෙහි ඉදිරියේදී පැන නැගිය හැකි භාෂාමය ඇතුළු අයනකුත් ගැටළු නිරාකරෙය කිරීමට විසදුම් සහ අනාගතයේ ශ්‍රී ලංකාවටම ආවේනික වූ සමාජ මාධය ජාලයක් නිර්මාණය කිරීම පිළිබද කතිකාවත ඇරබීමට පිබුරුපත් සැකසීම වැනි වැදගත් ක්‍රියාවන් රැසක් අද දිනයේ පැවැත්වෙන සාකච්චා මාලාවට සහභාගී නොකර ගැනීම නිසා අපගෙන් ගීලිහියනු ඇත.

අප සමුහයේ සාමාජිකයන්ගේ හා අන්තර්ජාලයේ සමාජ මාධය පුරා සිංහල භාෂාව හාවිතා කරන ජනතාවයේ බලවත් අප්‍රසාදය තොරතුරුතාක්ෂණ හා ඩිජිටල් අමාතයංශයට හා ඇමති හරින් ප්‍රනාන්දු මහතායේ ලේක්ම්තුමියට මෙසේ පුදකිරීමට කැමැත්තෙමු.

රජීව් යසිරු කුරුවිටගේ (සභාපති)
ෆේස්බුක් පරිවර්තන සමූහය (ශ්‍රී ලංකා)

Related posts

පෙට්‍රල් නෑ කියල කෑලි යන්න බනින්නේ මට.. ෂෙඩ්වලට පෙට්‍රල් බෙදන්නෙ මමද – ජනපති අසයි

colombotoday

කොරෝනා නිසා රටපුරා පෙරුම්කායන් හිගයක් !

colombotoday

නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න..! ආණ්ඩුවෙන් පූජිතට දැනුම් දෙයි

colombotoday

භිෂණයේ අදුරු සෙවණැළි නැවතත් මතුවෙලා.. මෙහෙම ගියොත් නැවත ප්‍රභාකරන්ලා බිහිවෙයි !

colombotoday

රිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි

colombotoday

ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සහ තබ්ලික් ජමාත් අතර මාතලේ දී ගැටුමක්

colombotoday