Colombo Today Local News

මහනුවර ගැටුමෙන් මියගිය දෙදෙනාගේ නිවෙස් වෙත රවී යයි.. මන්ත්‍රී වැටුපෙන් මුදල් පරිත්‍යාග කරයි

මහනුවර දිගන ප්‍රදේශයේ පසුගිය දා ඇතිවූ ගැටුම්කාරී තත්තවයෙන් මියගිය සිංහල හා මුස්ලිම් ජාතික පුද්ගලයන් දෙදෙනාගේ ඥාතීන්ගේ සුවදුක් විමසීම සදහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ ඔවුන්ගේ නිවෙස් වෙත ගියේය.

එහිදී රුපියල් ලක්ෂය බැගින් පරිත්‍යාග කළ හිටපු ඇමතිවරයා ස්ථීර ආදායම් මාර්ගයක් ලැබෙන තුරු ඔවුන් දෙදෙනාගේම පවුල්වලට සිය මන්ත්‍රී වැටුපෙන් විසි දහස බැගින් මාසික පරිත්‍යාග කිරීමට පොරොන්දු විය.

ගැටුමෙන් හානියට පත්වූ කෙන්ගල්ල මුස්ලිම් පල්ලිය නිරීක්ෂණය කළ හිටපු ඇමතිවරයා දිගන මැදමළුව රජමහා විහාරයේ නාහිමියන්ගේද සුවදුක් විචාරනු ලැබුවා.

එහිදි මාධ්‍යට අදහස් දක්වමින් රවි කරුණානායක මහතා කියා සිටියේ, ගැටුම්වලට වගකිව යුතු පුද්ගලයන් ආණ්ඩුවේද සිටින බවයි.

Related posts

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

‘චීන ජාතිකයන් කොන්කරන්න එපා’ – සෞඛ්‍ය ඇමතිනිය ලාංකිකයන්ගෙන් ඉල්ලයි

colombotoday

“පාලකයන් රටට අත්කර දුන් විනාශය ගැන සියලුම දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයි”

colombotoday

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

colombotoday

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

colombotoday