Colombo Today Local News

පෙට්‍රල් නෑ කියල කෑලි යන්න බනින්නේ මට.. ෂෙඩ්වලට පෙට්‍රල් බෙදන්නෙ මමද – ජනපති අසයි

පෙට්‍රල් හිගය නිසා ආණ්ඩුව ජනතාවගෙන් හොද හැටි බැනුම් අහන බවත්, තමන්ගේ කෑලි ගලවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ෂෙඩ් වලට පෙට්‍රල් බෙදන්නේ තමන් යැයි එසේ බැනවදින අය හිතාගෙන සිටින බවද හෙතෙම සදහන් කරයි.

රෝහල්වල වැඩ වර්ජන කලත් තමනට බනින්නේ තමන් රෝහලේ බෙහෙත් දෙන්නේ යයි සිතාගෙන බවත් පාසැලට දරුවෙක් දමා ගැනීමට නොහැකි වුවත් තමන් වැරදිකරු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ දෙවස් පූර්ණ ගුණ සමරුව වෙනුවෙන් බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

 

Related posts

“පොහොට්ටුව කරපු වැඩේ සදාචාරසම්පන්න නෑ. පොහොට්ටුව එක්ක දැන් මොනවා සාකච්ඡා කරන්නද?” – දයාසිරි ජයසේකර

colombotoday

මාකඳුරේ මධුෂ් ඉතාලියට පනී..

colombotoday

මද්දකට හසු වූ දිවියෙකු බේරා ගනී

colombotoday

චම්පික අත්අඩංගුවට!

colombotoday

අධිකරණයේ වැසිකිළියක් තුළදී අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළට

Admin