Colombo Today Local News

අනුර කුමාරට සහ මුසම්මිල්ට හෙළ උරුමෙන් නඩු ?

jhu_panama

පැනමා පත්‍රිකා පාදක කරගනිමින් ඇතැම් පිරිස් තම පක්ෂයට සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි ජාතික හෙළ උරුමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පෙන්වා දෙන්නේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදේශකවරයෙකු වන විද්‍යා අමරපාල මහතාගේ නම පැනමා පත්‍රිකාවලට ඈඳා කතා කිරීම ඊට උදාහරණයක් බවයි. බත්තරමුල්ලේ පිහිටි සිය කාර්යාලයේ අද (11) පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.

චෝදනාවට ලක්වන විද්‍යා අමරපාල මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියා. ඔහු කියා සිටියේ තමන්ට සිදුකළ අපහාසය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පැය 24ක් ඇතුළත සමාව ඉල්ලා සිටිය යුතු බවයි. නැතහොත් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවද ඔහු කියා සිටියා.

Related posts

කොරෝනා මෘතදේහ භූමදානයට හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කරලා

colombotoday

පාරේ චිත්‍ර අදින එක ගොං ජෝක් එකක්… තව ටිකක් අනාගන්නකල් අපි බලා ඉන්නව – හරීන්

colombotoday

සියලුම කම්කරු කාර්යාල සෑම සිකුරාදා ම වසා තැබේ

colombotoday

“ඉන්දියාවට අමුඩ ලේන්සු වික්කත් අපි ගොඩ..ETCA වාසිය අපටයි“ – එස්.බී

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය…

colombotoday

මුස්ලිම් ඡන්ද කැඩෙන මධුමාධවගේ ප්‍රකාශයට පොහොට්ටුවෙන් ගල් මුල් !

colombotoday