Colombo Today Local News

අධිකරණය නීතිඥ සංගමය යටතට – නීතිය මිනී කාක්කන්ට වෙන්දේසිවන ලකුණු

nithiya

සිය වෘතීය සගයින් අධිකරණ පද්ධතිය තුලට ඇතුළු කිරීමෙන් අධිකරණ කටයුතු සිය පාලනය යටතට ගැනීමට නීතිඥ සංගමයේ ඉහල නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර,නඩු කටයුතු සදහා ඇති විශාල මුදල් අය කරන නීතිඥයින්ගේ නඩුවලට බලපෑම් කරගතහැකි පරිදි අධිකරණ ක්‍ෂේත්‍රයේ ඉහල තනතුරු සදහා සිය හිතවතුන් යොමු කිරීම කාලයක සිට සිදුකරන කාර්යයකි. රාජපක්‍ෂ රජයට විරුද්ධව යහපාලන රජය පත්කිරීමට මෙම නීති සංගමයෙ ඉහල නිලධාරීන් කටයුතු කිරීමේ උපකාරයට ප්‍රතිඋපකාර වශයෙන් ජනාධිපතිතුමා සහ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ සහය මේ සදහා ලබාගැනීම ඔවුන්ගේ සැලසුම වේ.

එමෙන්ම නීති වෘතියට වඩාත් ප්‍රයෝජනවත් විශාල අදායම් ලැබිය හැකි රාජ්‍ය ආයතනවල බලය ලබාගැනීමද මොවුන්ගේ අරමුණකි. ඒ අනුව මෙම රජය පත්වූ පසු එවැනි ඉහල තනතුරු රාශියකට නීතිඥ සංගමයේ ඉහල නිලධාරීන් පත්කරන ලදී.

සුප්‍රසිද්ධ නීතිඥයකු වන ප්‍රසන්න ජයවර්ධන මහතා චන්ද්‍රා ඒකනායක මහත්මියගේ විශ්‍රාම යාමෙන් පසුව හිස්ව ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර සදහා ජනාධිපතිවරයා ලවා නීතිඥ සංගමයට කරනු ලබන සන්තෝසමක් වශයෙන් නම යෝජනා කිරීමටත්, එම තනතුර හිමිවිය යුතුව තිබුණු විනිසුරු ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ඇති දීපානි විජේසුන්දර මහත්මිය රාජපක්‍ෂ හිතවාදී වීම සහ සරත් ෆොන්සේකා සිර කිරීමේ නියෝගය ලබාදීම යන කරුණු මත නුසුදුසු ගණයට දැමීම මොවුන්ගේ සැලසුමයි.

මේ වනවිට එම සැලසුම් සාර්ථක කර ගැනීම සදහා නීතිඥ සංගමයේ ඉහල නිලධාරීන්ට සම්බන්ද නීතිඥවරු කිහිප දෙනෙකු වෙත මෙම රාජකාරිය පවරා ඇත. සිය උපායමාර්ගය සාර්තකවන බව සහ තමන්ට අවශ්‍ය පරිදි අධිකරණය තුල යම් හැසිරවීමක් සිදු කල හැකි බව පසුගියදා කොළඹ ප්‍රසිද්ධ අවන්හලකදී මදුවිත පානය කරමින් සවුදිය පුරා ඇත. එහෙත් මේ පිලිබදව තමන් කිසිවක් නොදන්නා බව නීතිඥ සංගමයේ සාමාජිකයින් වන වරප්‍රසාද අහිමිවූ කනිෂ්ඨ නීතිඥයින් පවසයි.

යහපාලනය උදෙසා නීතියේ ස්වාදිනත්වය රැක ගැනීම සදහා ස්වාදීන කොමිසන් සභා පත් කිරීම සහ නීතිය සිය අතට ගෙන කටයුතුකළ පැවති විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට නව පාලන ක්‍රමයක් වෙනුවෙන් කැපවුණු සිවිල් සංවිධාන ක්‍රියාධරයින් මෙම තත්වය පිලිබදව සිය කනස්සල්ල ප්‍රකාශකරමින් පැවසුවේ ඕනෑම අයකු (පාසල් නොගිය අයකු පවා)ශ්‍රේෂ්ඨාධිකරණ විනුසරුවරයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට බලය තිබුනද විනිසුරු ක්‍ෂේත්‍රයේ අත්දැකීම් සහ එම ක්‍ෂේත්‍රයේ ජෙෂ්ඨත්වයක් නොමැති පුද්ගලයන්, විශේෂයෙන්ම සිය වෘතිය අපේක්ෂාවන් වෙනුවෙන් වැඩකරන නීතිඥයින් පත් කිරීමෙන් සහ එයට බලපෑම් කිරීමෙන් යහපාලන මුලධර්ම උපන්ගෙයිම වලලා දැමීමට නීතිඥ සංගමයේ ඇතැම් ජේෂ්ඨයින් කටයුතු කිරීම, හිටපු ඒකාධිපති පාලනය වෙනස් කිරීමට කටයුතු කල අපට පාරා වළල්ලක් බවයි.

ජනාධිපති සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක කරූ ජයසුරිය ඇතුළු අනෙකුත් සාමාජික මහත්වරුන්ගේ යහපාලන සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම සදහා ඇති සැබෑ උවමනාව පරික්ෂකලහැකි ලිට්මස් පරික්ෂාවක් ලෙස මෙම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පත්කිරීම හදුන්වාදිය හැකි බව මෙම සිවිල් සංවිධාන ජේෂ්ඨ සාමාජිකයා වැඩිදුරටත් colombotoday.com වෙත පැවසිය.

Related posts

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

colombotoday

සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි

Admin

සෞඛ්යම අමාත්‍යංශයේ ආහාර උපදේශණ කමිටුව නීති අබාධිතයි! ආහාර පනත උල්ලංඝණය කරලා!

colombotoday