Colombo Today Local News

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පසන් වනිගසේකර මහතා අද රාජකාරී ආරම්භ කර තිබේ.

පර්යේෂණ පාදක කරගත්, ඉලක්කගත අලෙවිකරණයෙහි වැදගත්කම ඉස්මතුකරමින්, පාරිභෝගික කේන්ද්‍රීය සහ ක්‍රීයාශීලී සේවයන්ගෙන් සමන්විත ඒකකයක් බිහිකිරීමේ ක්‍රියාන්විතයට කාර්ය මණ්ඩලයෙහි සියලු දෙනාගේ නොමද සහයෝගය අත්‍යවශ්‍ය බව ඔහු එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.

ආයෝජන මණ්ඩලයට සම්බන්ධ වීමට ප්‍රථම, ඒ මහතා ප්‍රධාන පෙලේ ගෝලීය ආයතන කිහිපයක සහ ආසියා කේන්ද්‍රීය පුද්ගලික ආයෝජන ආයතන කිහිපයකට ආයෝජන විෂ්ලේශණ හා මෙහෙයුම් ප්‍රශක්තිකරණය සම්බන්ධයෙන් උපදේශණ සේවා ලබාදීමේ නිරතව ඇති අතර, නීතිඥයෙකු ලෙසද කටයුතු කර තිබේ.

මොරටු විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකුද වන ඔහු, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු, වරලත් මූල්‍ය ගණකාධිකාරීයෙකු මෙන්ම වරලත් අලෙවිකරුවෙක් ද වෙයි.

Related posts

යුද හමුදා මේජර් ජෙනරාල් මොහාන් රත්නායකට ඇප

colombotoday

පාසල් සිසුවකු කාණුවක හිර වෙයි

colombotoday

මීටියාගොඩදී වෙඩි තැබීමක්

Admin

ලෝකයේ මිලියන දෙක හමාරක් මුස්ලිම්. දිගටම ආදාහනය කලොත් රටට විනාශයක් | බදුර්දීන්ගෙන් තර්ජන.

colombotoday

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව – රාජිතට සහ රූමිට අධි චෝදනා භාර දෙයි

colombotoday

පක්‌ෂ නායකත්වයට නියම සුදුස්‌සා රවි කරුණානායක – හිටපු ඇමැති රත්තරන්(ක්‍රිෂාන්ත පුෂ්පකුමාර) කියයි

colombotoday