Colombo Today Local News

ලාංකිකයන් 30,000කට ඇමරිකාවේ රැකියා

අමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් සාත්තු සේවය සඳහා මෙරටින් සාත්තු සේවිකාවන් බඳවා ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පෙන්වාදෙන්නේ අමෙරිකානු රජයේ ලියාපදිංචි විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතනයක් විසින් ඊට අදාළ ගිවිසුම ඊයේ දිනයේ අත්සන් කළ බවයි.

අදාළ ගිවිසුම අවුරුදු පහකට වලංගු වන අතර මෙමගින් රැකියා අවස්ථා 30,000කට අධික ප්‍රමාණයක් හිමි වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.

එමෙන්ම එහි පළමු කණ්ඩායම කඩිනමින් බඳවා ගන්නා බවත්, කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයක පුහුණුවීම් කටයුතු සිදුකිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

Related posts

බැදුම්කර සමාගමෙන් මිලියන 1189 චෙක්පත් 166ක් දීලා.. දයාසිරිගේ නම හෙලිකරේ ආණ්ඩුවෙන් ගිය නිසා…! අනෙක් චෙක්පත් 165 දුන්නේ කාටද?

colombotoday

ජාවාරම් කරුවන් අල්ලන්න ගිය පොලීසියේ තුනකට දෙබර ප්‍රහාරයක්

Admin

කොටි නඩු අහන අධිකරණයෙන් පළමු දඩුවම දෙයි.. තුන්දාහක දඩයක් සමග පළමු විත්තිකරු වසරක් සිරගෙට

colombotoday

ලං.වි.ම. ඉංජිනේරුවන්ගේ වැටුප 15%කින් කපා දමයි…

colombotoday

කොරෝනා හැදුනු රටවල් බැලුවම අපි අදටත් සාර්ථකයි. අපේ ආණ්ඩුව ඇනගෙන නැහැ

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

colombotoday