Colombo Today Local News

ද්‍රවිඩ සන්ධානයට එරෙහිව නව දෙමළ දේශපාලන පක්ෂයක් එයි

උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් දෙමළ දේශපාලන පක්ෂ නායකයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් නව සංවිධානයක් බිහි කිරීමට කටයුතු කරන බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක ආනන්ද සංගරී මහතා පවසන්නේ ‘‘ප්‍රජාන්ත්‍රවාදී දෙමළජාතික පෙරමුණ‘‘ නමින් එම සංවිධානය පිහිටුවන බවයි.

දෙමළ ජාතික සන්ධානය හරහා දෙමල ජනතාවගේ ගැටලු සඳහා විසදුමක් නොලැබෙන බැවින් මෙලෙස නව සංවිධානයක් පිහිටුවීමට තිරණය කළ බව ආනන්ද සංගරී මහතා වැඩිදුරටත් පැවසුවේය.

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පෙරමුණේ නායක ප්‍රභා ගනේෂන්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරු මෙම පක්ෂය පිහිටුවීමට මූලික වී සිටිති.

බම්බලපිටියේ හෝටලයකදී ඊයේ (4) ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවතියේය.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ශ්‍රී ටෙලෝ (දෙමළ ඊළාම් විමුක්ති පෙරමුණ), දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය, ඊරෝස් (ඊළාම් විප්ලවාවාදී සමාජවාදී පක්ෂය), ඊළාම් විමුක්ති සංවිධානය, දෙමළ ජනතා පක්ෂය, විමුක්ති අරගල පක්ෂය, ජාතික හින්දු පූජක පක්ෂය, ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණවාදී සංගමය හා ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එම පක්ෂ වේ.

Related posts

බාලවයස්කාර දියණියව මවක් කළ පියා බරපතළ වැඩසහිතව වසර 12ක් සිර ගෙට

Admin

“දඩ බිමක්ව තිබෙන රට නැවතත් වැඩබිමක් කරමු” – මහින්ද රාජපක්ෂ

colombotoday

හිටපු ජනපති මහින්ද මට ටෙලිෆොන් කරනව.. එක එක වැඩ කියනවා.. ඒවත් මම කරල දෙනව

colombotoday

විදුලි කප්පාදුව පැය 03කට දීර්ඝ වෙයි

colombotoday

නීති විරෝධී ලෙස වෙළඳාමේ නිරතවූ ඉන්දියානුවෝ 12ක් කාත්තන්කුඩියේදී අල්ලයි

colombotoday

ඇගමැතිට අලුත් කාර් එකක් ගන්න කෝටි හයක පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday