Colombo Today Local News

ජාවාරම් කරුවන් අල්ලන්න ගිය පොලීසියේ තුනකට දෙබර ප්‍රහාරයක්

සඳසිරිගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිමට යතුරු පැදි දෙකකින් යමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු දෙබර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගතකර තිබේ.

මෙසේ දෙබර ප්‍රහාරයකට ලක්ව ඇත්තේ තඹුත්තේගම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරු දෙනෙකු හා පොලිස් කොස්තාපල් වරයෙක් බව තඹුත්තේගම මුලස්ථාන පොලිසිය කියයි.

මොවුන් සදසිරිගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිමට යතුරු පැදි දෙකකින් යමින් සිටියදි සදසිරිගම ආසන්නයේ මාර්ගයේ පිහිටි කොහොඹ ගසක බැද තිබු දෙබර කුඩයක් ඇවිස්සි දෙබර ප්‍රහාරයකට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

එම දෙබර ප්‍රහාරයෙන් අසාධ්‍ය තත්වයට පත්වු මොවුන් තිදෙනා තඹුත්තේගම රෝහලට ඇතුළත් කොට ඇත.

තඹුත්තේගම රෝහලට ඇතුලත් කරනු ලැබු මොවුන් තිදෙනා ගෙන් එක් සැරයන් වරයෙකු අද (22)දින ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති අතර තවත් පොලිස් සැරයන් වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු තව දුරටත් ප්‍රතිකාර ලබති.

Related posts

බිලියන 30ක් ඉවත්කරගෙන ආයෝජකයෝ රටින් යයි…

colombotoday

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

colombotoday

නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් දිනකින් අනුමත කිරීමට ජනපති උපදෙස්

colombotoday

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා කුස ගින්නේ

colombotoday

නාවලපිටිය නගරය ජලයෙන් යට වේ

colombotoday

“පොල් ගහන අයට ගොඩ යන්න බෑ.. නැට්ටෙන් ඉල්ලුවත් අලියා දිනනවා” – නලින් බණ්ඩාර

colombotoday