Colombo Today Local News

කොටි නඩු අහන අධිකරණයෙන් පළමු දඩුවම දෙයි.. තුන්දාහක දඩයක් සමග පළමු විත්තිකරු වසරක් සිරගෙට

ltte presonerකොටි ත්‍රස්තවාදී සැකකරුවන්ට අදාළව නඩු කටයුතු විභාග කිරීම සදහා ස්ථාපනය කරන ලද මහාධිකරණය විසින් ප්‍රථම වරට කොටි සාමාජිකයෙකුට දඩුවම් පමුණුවනු ලැබීය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති මෙම නඩුව ත්‍රස්තවාදී නඩු ඇසීම සඳහා ස්ථාපනය කරන ලද විශේෂ මහාධිකරණයට යොමු කළ මුල් අවස්ථාවේදීම විත්තිකරු අදාළ චෝදනාවට වරද පිළිගත්තේය. ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා තුනට එක් චෝදනාවකට වසර බැගින් වසර තුනක සිර දඬුවමක්ද, එක් චෝදනාවකට රුපියල් දහස බැගින් රුපියල් තුන්දහසක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම වසරක කාලයකින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට නියම කළාය.

මෙලෙස දඬුවම් නියම වූයේ කොළඹ 11, ජම්පටා වීදියේ පදිංචි බාලචන්ද්‍රන් පුෂ්පරාජ් හෙවත් සින්නා නැමැත්තාටය.

2007 අගෝස්තු 18 වැනිදා මෝදරදී ටී 56 වර්ගයේ තුවක්කුවක්, ජීව පතොරම් 30 ක් හා අත් බෝම්බයක් ළඟ තබාගත් බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

Related posts

අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට වහාම පියවර ගන්න..විමල් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

තිතටම මත… සතොස අලෙවිසැල්වලත් බියර් සහ වයින් !

colombotoday

සහරාන් මරාගෙන මැරෙන්න කලින් සිව් හැවිරිදි දියණියව අපයෝජනය කරලා….

colombotoday

ගම්පහ උඩුගම්පල වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

රහස් ඡන්දයක් තියා එජාප නායක තේරිය යුතු බව නවින් දිසානායක කියයි

colombotoday

කළපුවක පාරුවක් පෙරළී ළමුන් පිරිසක් අතුරුදන්

colombotoday