Colombo Today Local News

සල්ලි දෙනවා නම් මැතිවරණයකට සූදානම් – මැතිවරණ කොමිෂම කියයි

පාර්ලිමේන්තුව මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළහොත් මැතිවරණ කොමිෂන් සභාව ඊට සූදානම් බව එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා පවසයි.

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධව තීන්දු කළ යුත්තේ පාර්ලිමේන්තුව බවත් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් ලබාදෙන්නේ නම් කොමිෂන් සභාව ඊට සූදානම් බවත් ඔහු කියයි.

මැතිවරණයක් පැවැත්වීමට මූලික කටයුතු සංවිධානය කිරීමට යම් කාලයක් අවශ්‍යයි. දළ වශයෙන් මේ සඳහා මාස තුන හතරක කාලයක් ඕනෑ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පමණක් අපේක්ෂකයින්ට සති පහත් හතත් අතර කාලයක් ලබාදියයුතු යැයි ද ඔහු පවසයි.

මැතිවරණයක් පැවැත්වන්නේ නම් ඡන්ද පත්‍රිකා ඇතුළු ලේඛන මුද්‍රණය කිරීමට අවශ්‍ය තරම් කඩදාසි තොග තිබෙන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ පැවසුවාය.

Related posts

කොරෝනා භිතිකාව ඇමරිකාවටත්…. පළමු රෝගියා වොෂින්ටනයේ දී මිය යයි !

colombotoday

ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචියට වසර 10ක වීසා කාලයක් දීර්ඝ කිරීමේ බලය ආරක්ෂක ඇමැතිට

colombotoday

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ‘මන්කිපොක්ස්’ පරීක්ෂණ කට්ටල තොගයක්

colombotoday

සියළුම දේශපාලන පක්ෂ දූෂිතයි… පිරිසිදු අපි පමණයි…

colombotoday

“පිං කැටවල මුදල් ගණන් කිරීම සාමාන්‍ය දෙයක්“ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

colombotoday