Colombo Today Local News

“පිං කැටවල මුදල් ගණන් කිරීම සාමාන්‍ය දෙයක්“ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විහාරස්ථානවල පඬුරු පෙට්ටිවල (පිංකැටවල) එකතුවන මුදල් ගණන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බව බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා පැවසීය.

එවැනි විහාරස්ථාන 236ක් ඇතැයි පැවසූ ලේකම්වරයා කැට ගණන් කිරීම සිදුවන්නේ අදාළ විහාරස්ථානයේ කැට පිරී ඇතැයි භාරකාර ස්වාමීන් වහන්සේ විසින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් පසුව බවද කියා සිටියේය.

එම විහාරස්ථානවලට ලැබෙන මුදල් පිළිබඳ ආදායම් වියදම් වාර්තා මාස හයකට වරක් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පෙන්විය යුතු බවත්,කැටවල එකතු ඇති මුදල් ගණන් කොට යළිත් විහාරස්ථානයේ සංවර්ධන කටයුතුවලට ලබාදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin

මහ ගාලගෝට්ටියක් මැද අගමැති මහින්ද පාර්ලිමේන්තුව අමතයි [Live]

colombotoday

ජාතිවාදයට යටවූ මනුස්සකම.. ColomboToday පුවත තහවුරු කරන වීඩියෝවක් මෙන්න

colombotoday

අද සිට පාසල් ළමුන් ප්‍රවාහනයට සිසු සැරිය බස් රථ 1400ක්..

colombotoday

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් ඉන්දීය යානය හෙට පෙ.ව 11.00ට

colombotoday

හිටපු ජනපති මහින්ද – චීන ජනපති එක්ව වරාය නගරය වැඩ ඇරඹූ සමරු ඵලකය ගලවා ඉවත් කරයි

colombotoday