Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචියට වසර 10ක වීසා කාලයක් දීර්ඝ කිරීමේ බලය ආරක්ෂක ඇමැතිට

ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිය සඳහා වීසා බලපත්‍ර ලබා දීමේ කාලය අවුරුදු පහේ සිට අවුරුදු දහය දක්වා දීර්ඝ කිරීමට සහ ඒ සඳහා ඇති බලය ආරක්ෂක ඇමැතිවරයා වෙත පැවරීමටත් රජය සූදානම් වේ.

ආගමන හා විගමන පනත සංශෝධනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද පනත් කෙටුම්පත ඔස්සේ රජය මෙම සංශෝධන යෝජනා කර ඇත.

වීසා බලපත්‍ර නිකුත් කිරීමේ බලය ලත් ආයතනය වන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල්වරයා විසින් දැනට පවතින නීතිය යටතේ ස්ථිර පදිංචිය සඳහා වීසා බලපත්‍ර ලබා දීම දැනට අවුරුදු 02 සිට 05 දක්වා සිදුකරනු ලැබේ.

සංශෝධනයට අනුව වසර පහේ සිට වසර දහය දක්වා ස්ථිර පදිංචිය සඳහා වීසා බලපත්‍ර ලබා දීමේ කාලය දීර්ඝ කිරීමේ බලය ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අභිමතය පරිදි සිදු කිරීමටත් තීරණය කර ඇත.

Related posts

යහපාලන ඇමති මණ්ඩලයත් ලෝකය දිනයි.. රටවල් 191ක් පරදා අංක 1ට එයි !

colombotoday

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ සහයකයන් සමග අපට කිසි ගනුදෙනුවක් නැත – ත්‍රස්තයන් මර්ධනය කරන හැටි පූටින්ගෙන් ඉගෙන ගන්න…

colombotoday

ජංගම දුරකථන මිල යළි ඉහළට…

colombotoday

අද කොළඹ එන උද්ඝෝෂකයින්ට අධිකරණයෙන් කොන්දේසි දෙකක්

colombotoday

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවයි

Admin