Colombo Today Local News

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවයි

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ සඳුදා (16)දින සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එලෙස අවලංගු කෙරෙන දුම්රිය ගමන්වාර පහතින්,

ප්‍රධාන මාර්ගය -18
කැලණිවැලි මාර්ගය – 2
මුහුදුබඩ මාර්ගය – 8
පුත්තලම මාර්ගය – 2

මේ අතර, අද (13)අලුයම 5ට පමණ හබරන ගල්ඔය ප්‍රධාන දුම්රිය මාර්ගයේදී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සීඝ්‍රගාමි දුම්රියේ ගැටි වනඅලියෙකු මියගොස් තිබේ.

වනඅලියා ගැටීම හේතුවෙන් දුම්රියේ එන්ජීම පිලීපැන තිබුණි.එසේම මෙම අනතුර නිසා නැගෙනහිර පළාතේ දුම්රිය ගමනාගමනය නැවතී තිබේ.

මෙම දුම්රියේ ගැටුණු වනඅලියා දුම්රිය මාර්ගයේ මීටර් 15ක් පමණ ඇදී ගොස් තිබුණි.

Related posts

“ශ්‍රී ලංකන් යානා හතරක් විකුණනවා.. එකක් දැනටමත් විකුණලා ඉවරයි” – නියෝජ්‍ය ඇමති එරාන්

colombotoday

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ 16 හැවිරිදි පිරිමි ළමයෙක් අත්අඩංගුවට…

colombotoday

තවත් චීන නැවක් ලංකාවට එන්න අවසර ඉල්ලයි… ඉන්දීය රජය කනස්සල්ල පළ කරයි

Admin

පාහියන්ගල ආනන්ද සාගර හිමිට ජනාධිපති කාර්යාලයෙන් මොන්ටෙරෝ රථයක්

colombotoday

නිවසට කඩා වැදි තිදෙනෙක් පොල්තෙල් ව්‍යාපාරිකයාට වෙඩි තබා මරලා

Admin

ඇඳිරිය කඩ කළ 664ක් අත්අඩංගුවට

colombotoday